අනතුරු දෙකක් - හමුදාවේ 17ක් සහ තවත් 05කට තුවාල | දිනමිණ

අනතුරු දෙකක් - හමුදාවේ 17ක් සහ තවත් 05කට තුවාල

අද  දහවල් වෑන් රථයක් විදුලි කනුවක ගැටීමෙන් හුංගම ලුනම ප්‍රදේශයේදී  සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් පස්දෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබේ.

හුංගම පොලිසියේ රථවාහන අංශය පැවසුවේ මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ සිට ඇඹිලිපිටිය දක්වා කුඩා ළමුන් ඇතුළු 13 දෙනෙකු  ගමන්ගත් වෑන් රථයක් වන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

අනතුරින් පසු වෑන් රථය පෙරලි ගොස් තිබු අතර එහිදී කුඩා ළමුන් දෙදෙනෙකු හා වැඩිහිටි පිරිමි දෙදෙනෙකු සහ එක කාන්තවක් මෙසේ තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කර ඇත.

මේ අතර හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් යුද හමුදා නිළධාරීන් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ ඇගළුම් සේවිකාවන් රැගත් බස් රථයක් සහ යුද හමුදාවට අයත් ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. 

කෙසේ වෙතත් බස් රථයේ ගමන් ගත් ඇඟළුම් සේවිකාවන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. 

තුවාල ලැබූ හමුදා නිළධාරීන් 17 දෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...