‘හමුදාව යාපන බලකොටුවට ගියොත් හොඳයි‘ | දිනමිණ

‘හමුදාව යාපන බලකොටුවට ගියොත් හොඳයි‘

යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බව උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එසේ යන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කර දීමට හැකි බවයි.

උතුරු ආණ්ඩුකාරවරයා මේ බව සදහන් කලේ, වවුනියාවේ බෞද්ධ විහාරස්ථානවල විහාරාධිපතිවරුන් සමග වවුනියාවේදී පැවති සාකච්ඡාවකදීය.

මේ එහි දී තවදුරටත් අදහස් දැක් වූ උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ -

“යාපනයේ සිංහල මහා විද්‍යාලය දැන් හමුදා කඳවුරක්. මම යෝජනා කරා ජනාධිපතිතුමාට ඒක නිදහස් කරල නැවත වතාවක් ඒ පාසල ආරම්භ කරන්න දෙන්න කියලා.ඉතින් ඒකට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේදී යාපනය බලකොටුව තියෙනවා. අපේ හාමුදුරුවනේ මේ බලකොටුව අක්කර 45 ක් තියනවා නගර මැද්දේ තියෙන්නේ.බලකොටුවක් කියන්නේ සාමාන්‍යයෙන් හමුදාව පොලීසිය ඉන්න ඕන තැනකට. පෘතුගීසිකාරයොත් ඔතන හිටියා ලන්දේසි කාරයොත් ඔතන හිටියා.ඉංග්‍රීසිකාරයොත් ඔතන හිටියා.අපේ හමුදාවත් ඔතන හිටියා දැන් අපේ හමුදාව බලකොටුවෙන් එලියට ඇවිල්ල බලකොටුව නිකං තියෙනවා.

“සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල ඔහෙන් මෙහෙන් කෑලිවල ඉන්නවා.නැවත ඔවුන් බලකොටුව කරා ගමන් කරොත් සාමාන්‍ය  ජනතාවගේ ඉඩම් ටික නිදහස් කරන්ගනත් පුලුවන්.ඒ වගේම අපේ නීත්‍යානූකූල අයිතිය තුළ අපි එතෙන්ට යන එක සාධාරණයි කියල තමයි මගේ මතය.මම ඒ ගැන යෝජනා කරලා තියෙනවා.ඒ වගේ වෙලාවකදී අර සිංහල විද්‍යාලය නැවත ආරම්භ කරල අපිට වැඩකටයුතු සිදුකරගෙන යන්න පුලුවන්“


අදහස් 1ක් ඇත

who the bloody hell is this man. He should be removed from his post

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...