ජනපති ඉදිකෙරෙන හමුදා මූලස්ථානයේ නිරීක්ෂණයක | දිනමිණ

ජනපති ඉදිකෙරෙන හමුදා මූලස්ථානයේ නිරීක්ෂණයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරෙන ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
 
එම ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලු ජනාධිපතිතුමා අඩුපාඩු පවතින්නේ නම් අදාළ අංශ සමග සාකච්ඡා කර එම ගැටලූ විසදා ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
අනතුරුව ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් ඉංජිනේරුවන් සමග ද සුහද කථා බහක නිරත විය. 
 
යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ද මෙම අවස්ථාවට එක්විය.
 
 
 
 
 

නව අදහස දක්වන්න