ඕවර 7කින් ලකුණු 129යි | දිනමිණ

ඕවර 7කින් ලකුණු 129යි

එවින් ලුවිස් දියත් කළ ප්‍රවේගකාරී පිති හරඹය හේතුවෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බාබඩෝස් ට්‍රිඩෙන්ට්ස් පිල සමග පැවැති තරගයෙන් ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 7කදී පසු කිරීමට සාන්ත කිට්ස් පිල සමත් විය.

තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාන්ත කිට්ස් පිල කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය බාබඩෝස් ආරම්භක පිතිකරු යුගලය වූ ක්‍රිස් ගේල් හා එවින් ලුවිස් වැය කළේ ඕවර 7කුත් පන්දුවක් පමණි.

වේගවත් ඉනිමක් දියත් කළ ලුවිස් පන්දු 31කින් නොදැවී ලකුණු 97ක් රැස්කළ අතර පන්දු පන්දු 14කට මුහුණදුන් ගේල් රැස්කළේ ලකුණු 22ක් පමණි.

සා.කිට්ස් ඉනිමේ ඕවර 7ක් නිමාවනවිට ලුවිස් හා ගේල් ලකුණු 128ක් රැස්කරගෙන සිටි අතර ජයග්‍රාහී ලකුණ ලබාගැනීමට අවස්ථාව හිමිවූයේ ලෙවිස්ට. ඔහු නොදැවී ලකුණු 97ක් රැස්කරගෙන සිටි අතර ප්‍රතිවාදී පන්දු යවන්නා වූ බාබඩෝස් නායක කිරන් පොලාඩ් උවමානවෙන්ම නිපන්දුවක් යොමුකරමින් ලුවිස්ගේ ශතකය ලබාගැනීමේ අවස්ථාව අහිමි කළේය. පන්දු 32කින් වාර්තා වූ ලුවිස්ගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 11ක් ඇතුළත් විය.

ඔහු එම පන්දුවෙන් ශතකය සම්පූර්ණ කළේ නම් එය එය ලොව දෙවැනි වේගවත්ම ශතකය ලෙස වාර්තා පොතට එක්වීමට තිබිණි. මේ හේතුවෙන් තරගයෙන් අනතුරුව පොලාඩ් බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වසර 2010දී පැවැති තරගයකදීද මෙලෙස නිපන්දුවක් හේතුවෙන් ශතකයක් අහිමිවූ සිදුවීමක් වාර්තා වෙයි. එහිදී ඉන්දියාවේ විරේන්ද්‍ර ෂෙවාග් ලකුණු 99ක් ලබා පන්දුවට පහරදෙමින් සිටියේය.

ඉන්දියාවට ජයග්‍රහණය සඳහා එක් ලකුණක් අවශ්‍යව තිබූ අතර සුරාජ් රන්දීව් යැවූ පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ඉන්දියාවට ජය හිමිවූවද ෂෙවාග්ට ශතකය අහිමි විය. 

නව අදහස දක්වන්න