බෙන්තර අසරණ දරු පවුලකට නව නිවෙසක උරුමය | දිනමිණ

බෙන්තර අසරණ දරු පවුලකට නව නිවෙසක උරුමය

ඉඳුරුව සමූහ ඇම්. පී. මුනිදාස

බෙන්තර ප්‍රදේශයේ ජීවත්වීමට හරි හැටි නිවෙසක් නොතිබූ සිවු දෙනෙකුගෙන් යුත් දරු පවුලකට නව නිවෙසක් සාදා දීම බෙන්තොට පොලීසිය මගින් සිදු කළ අතර, එම නිවෙස ඔවුන්ට බාර දීම, ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

බෙන්තර, සිංහරූපාගම ගම්මානයේ ඉඩ කඩ නොමැති ඉතා කුඩා නිවෙසක දිගු කාලයක් තිස්සේ ජීවත්වූ එම්. එච්. කුසුමිත මහතා ඇතුළු සිවු දෙනෙකුගෙන් යුත් පවුල මේ නව නිවෙසේ අයිතිකරුවන් වීමේ වාසනාව ලැබු අතර, දිගු කාලයක් තිස්සේ මේ දරු පවුල ජීවත්වූ ඉඩ කඩ හරි හැටි නොමැති කුඩා නිවෙස මුළුමනින්ම කඩා ඉවත් කර මේ නව නිවෙස ඉදිකර තිබේ.

ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ අධීක්ෂණය යටතේ සිදු වූ මේ නිවෙස ඉදි කිරීමේ කටයුතු සඳහා ප්‍රදේශයේ දානපතියන් කීප දෙනෙකුම අනුග්‍රහය දැක්වූ බව බෙන්තොට පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා පැවැසීය. මේ නිවෙස එම දරු පවුල වෙත බාර දීමේ අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය, ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූව, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රී යන මහත්වරුද, බෙන්තොට, කොස්ගොඩ, අහුන්ගල්ල, අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරුද, ප්‍රදේශවාසීහු , ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න