සීනිගම පිහිනුම් ක්‍රීඩාවට උනන්දු සිය දෙනකුට නොමිලේ පුහුණුව | දිනමිණ

සීනිගම පිහිනුම් ක්‍රීඩාවට උනන්දු සිය දෙනකුට නොමිලේ පුහුණුව

සීනිගම ගුණ ජය සතුට පදනම මගින් ප්‍රදේශයේ පිහිනුම් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන දරු දැරියන් වෙනුවෙන් දින තුනක පිහිනුම් පුහුණු කඳවුරක් පවත්වන ලදී. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයකු වන ධම්මික විතානාච්චි මහතා විසින් මේ පුහුණු කඳවුර පවත්වන ලද්දේ ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතාගේ ඉල්ලීමකට අනුවය.ධම්මික විතානාච්චි මහතා ඇමෙරිකාවේ U.S.Swimming club ආයතනයේ පුහුණුකරුවකු ලෙස නොමිලයේ තම දායකත්වය ලබාදෙයි. ඇමෙරිකාවේ ඉහළම තත්ත්වයේ පුහුණු මධ්‍යස්ථානයක් වන මෙහි ඔලිම්පික් ක්‍රීඩකයන්ද පුහුණු කරනු ලබන ආයතනයක් වේ.ඉදිරියේදී ගුණ ජය සතුට පදනම සමග එක්වී තම දැනුම සහ නවීන ශිල්පීය ක්‍රම මෙරට සිසුන්ටද ලබාදීමට අදහස් කරන බව විතානාච්චි මහතා කියා සිටි.මේ පුහුණු කඳවුර සඳහා දරු දැරියන් 100 දෙනකු පමණ සහභාගී වී සිටි අතර ඒ සඳහා ගුණ ජය සතුට පදනමේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා,ප්‍රධාන පුහුණුකරු කේ. ජනක ලාල් ,සහාය පුහුණුකරු එච්.ඊ. නිශාන්ත යන මහත්වරු සහ නයෝමි විජේරත්න මහත්මියද සහභාගී වී සිටියහ.

හික්කඩුව සමුහ බුද්ධික වීරසිංහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...