හම්බේගමුවට ගංජා ගෙනා පුද්ගලයන් 2ක් අත්අඩංගුවට | දිනමිණ

හම්බේගමුවට ගංජා ගෙනා පුද්ගලයන් 2ක් අත්අඩංගුවට

තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ සිට ඕපනායකට ගංජා කිලෝ දෙකක් රැගෙන ආ පුද්ගලයන් දෙදෙනකු ඕපනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසයට ලැබුණු තොරතුරක් මත පැය පහකට වඩා අධික කාලයක් මග රැක සිට ඕපනායක උඩවෙළ, අකරැල්ල මාර්ගයේදී මේ සැක කරුවන් දෙදෙනා සමග ගංජා තොගය අත්අංගුවට ගෙන තිබේ.

කිලෝ එක බැගින් අසුරන ලද ගංජා, සැකකරුවන්ගේ ගමන් බෑග්වල සගවා ගෙන පා ගමනින් යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව ඕපනායක පොලීසය සඟන් කරයි. මොවුන් කාලයක සිට ඕපනායක ප්‍රදේශයේ ගංජා අලෙවි කරන පුද්ගලයන් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඕපනායක ප්‍රදේශයේ අය බවත් ඔවුන් වයස අවුරුදු 53 හා 23 යන වයසේ පසු වන අය බවත් පොලීසය සදහන් කරයි.

ඕපනායක පොලීසයේ ස්ථානාධිපති ඒ.ජේ.එම්. රංජන සමරසිංහ,පොලිස් පරීක්ෂක ජයතිස්ස, පොලිස් සැරයන්වරු වන (32205)වික්‍රමපාල,(30055) උපාලි, (32552) මහින්ද යන නිලධාරීන් විසිනි.

බලංගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්ද


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...