මල්ලවපිටිය හිඳගොල්ල ටැම්පිට විහාරයේ චිත්‍ර-පිළිම විනාශයට | දිනමිණ

මල්ලවපිටිය හිඳගොල්ල ටැම්පිට විහාරයේ චිත්‍ර-පිළිම විනාශයට

කටුපොත විශේෂ බී. ඒ. එන්. ශාන්ත කුමාර

කුරුණෑගල මල්ලවපිටිය හිඳගොල්ල දිගම්පිටිය පුරාණ ටැම්පිට විහාරයේ ඇති චිත්‍ර සහ බුදුපිළිම මේ වනවිට විනාශවී යාමේ තත්ත්වයකට පත්ව ඇතැයි විහාරාධිපති කුරුණෑගල වැහැර සිරි සංඝරාජ පිරිවෙන් විහාරාධිපති, පරිවෙණාධිපති වලස්වැවේ සෝමානන්ද හිමි ඇතුළු දායක සභාව පවසති. මේ විහාර ස්ථානයේ ඇති ටැම්පිට විහාර මන්දිරයේ චිත්‍ර සහ බුදු පිළිම මහනුවර යුගයේ ඉදිකර ඇති බව ද උන්වහන්සේ පැවැසූහ.

වලස්වැවේ සෝමානන්ද හිමි - මහනුවර යුගයේ ඉදි කරන ලද ටැම්පිට විහාර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇත්තේ ඉතා සිමිත ප්‍රමාණයක්. ඉන් එක ටැම්පිට විහාරයක් තමයි මේ විහාරය. විහාර මන්දිරය අද ඊයේ සිට විනාශ වූ එකක් නොවෙයි. වසර ගණනාවක් තිස්සේ සිට විනාශවෙන්නේ. මේ විහාර ස්ථානයේ වැඩ විසු අපවත්වු හිඳගොල්ලේ ධම්මරතන ලොකු හාමුදුරුවෝ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නිතරම දැන්නුවා. උන්වහන්සේ ලිපි මගින් මේ විහාරය ප්‍රතිසංස්කරණය කර දෙන ඉල්ලා සිටියා. පඬුවස්නුවර කාර්යාලයට වැඩම කර අවශ්‍ය නිලධාරින් හමුවී කථා කළා. නමුත් තවම එය ඉටුවුණේ නෑ. අදවනවිට මේ විහාර මන්දිරයේ ඇතිබුදු පිළිම වන්දනා කිරීමට අපහසු නිසා ‍විහාර මන්දිරයේ දොර වසා දමලයි තියෙන්නේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාර ඇමැතිවරයාගේ අවධානය මීට යොමු කර වන්දනාමාන කිරීමට හැකි අයුරින් විහාර මන්දිරය සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.


නව අදහස දක්වන්න

Or log in with...