නියඟයෙන් උඩුදුම්බර-මිනිපේ ජල මූලාශ්‍ර සිඳී යාමේ තර්ජනයක් | දිනමිණ

නියඟයෙන් උඩුදුම්බර-මිනිපේ ජල මූලාශ්‍ර සිඳී යාමේ තර්ජනයක්

මධ්‍යම පළාත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ඡන්ද බල ප්‍රදේශයට අයත් මිනිපේ අවට ප්‍රදේශය වියැළෙයි. පවතින ඉඩෝරය ඊට හේතුවයි.

පවතින ඉඩෝරය මිනිපේ ගොවි ජනපදවලටත් බලපා තිබේ. ඉකුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ වර්ෂාව නොලැබීම හේතුවෙන් මෙම ජනපදවල පොළොවේ ජල මට්ටම පහළ දිනෙන් දින පහළ යමින් පවතියි.

මේ තත්ත්වයේ ප්‍රතිඵලයක් හැටියට ජල මූලාශ්‍ර හැම එකක් ම පාහේ වියළී තිබෙන අයුරු දැකිය හැකි වෙයි. ගොඩ ගොවිබිම්වල (හෙවත් වර්ෂා ජලය උපයෝගී කර ගෙන කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගනු ලබන ඉඩම්වල) දකින්නට ලැබුණු පලදායී භෝග වගා ගැන ඒවා අයිතිකරුවන් තබා තිබූ බලාපොරොත්තු කඩවෙමින් ඇති බව ජනයා කියති. ගොයම් පඳුරුවල පරාගණය හොඳින් ප ගැඹුරු ළිංවල හා නළ ළිංවලත් හොඳ උල්පත් ආශ්‍රිත ජල දහරාවලත් පිහිට පැතිමට බොහෝ දුර යා යුතු වන බව ගම්මු කියති. ජලය හිඟ වීම හේතුවෙන් ගවයන් රැක බලා ගැනීමටත් බාධා පැමිණ තිබෙන බව එම ජනයා තවදුරටත් කියති.

ඉකුත් අප්‍රේල්වල බලාපොරොත්තු වූ අවුරුදු වැහිත් මැයිවල වෙසක් වැහිත් ජූනිවල පොසොන් වැහිත් නොලැබීම මේ දිනවල පවතින ඉඩෝරය තදබල ආකාරයට බලපෑමක් ඇතිකිරීමට හේතුව යැයි ද ඔවුහු කියති.

මහවැලි කලාපීය නවරත්න බණ්ඩාර

නව අදහස දක්වන්න