උඩදුම්බර ප්‍රාදේශීය රෝහලට මාස 6ක සිට දන්ත වෛද්‍යවරයක් නෑ | දිනමිණ

උඩදුම්බර ප්‍රාදේශීය රෝහලට මාස 6ක සිට දන්ත වෛද්‍යවරයක් නෑ

උඩදුම්බර ප්‍රාදේශීය රෝහලට මාස 6කට වැඩි දිගු කාලයක් දන්ත වෛද්‍යවරයකු නොමැතිවීම ප්‍රදේශවාසී දන්ත රෝගීන්ට ගැටලුවක් වී තිබේ. රෝහලේ සේවය කළ දන්ත වෛද්‍යවරයා උසස් අධ්‍යාපනය සඳහා රෝහලෙන් නිදහස් කිරීම මීට හේතු වී තිබේ. දැනට උඩදුම්බර ප්‍රදේශයේ දන්ත රෝගින්ට දිගු දුරක් ගෙවා තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලට යෑමට සිදුවී තිබේ.

උඩදුම්බර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කැළුම් ජයවර්ධන මහතා - රෝහලේ දන්ත සායනය සියලුම උපාංගවලින් සමන්විතයි. වෛද්‍යවරකු සේවය කල කාලය තුළ දී දිනකට දන්ත රෝගීන් 30කට අධිකව ප්‍රතිකාර ගත්තා. මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළා. දන්ත වෛද්‍යවරයකු රෝහලට පැමිණෙන තුරු ජංගම දන්ත වෛද්‍ය සායනයක් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලෙන් ක්‍රියාත්මක වෙනවා.

උඩදුම්බර සමූහ
අජිත් ගංගොඩ

නව අදහස දක්වන්න