ගාල්ල කොටුව සංචාරක පාරාදීසය අඳුරේ | දිනමිණ

ගාල්ල කොටුව සංචාරක පාරාදීසය අඳුරේ

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාල්ල කොටුව සහ ගාල්ල කොටුව ආශ්‍රිත රෑම් පාට් ප්‍රදේශය සවස 6.00න් පසුව දැඩි අඳුරක් පවතින ප්‍රදේශයක් වී ඇති බවත් කෙතරම් සංවාරකයන් පිරිසක් සිටිය ද මෙහි කිසිදු විදුලි ලාම්පුවක් හෝ නොදැල්වෙන බවට ප්‍රදේශයේ ජනතාව පවසති.

මේ සම්බන්ධයෙන් අප කළ සංචාරයක දී දැක ගැනීමට හැකි වුයේ සවස 5න් පසු විශාල සංවාරකයන් පිරිසක් මේ ගාල්ල කොටුව-ප්‍රදීපාගාරය අතර ඇති කොටසේ පැමිණ සිටියත් ඔවුන් සවස 6.30 පමණ වන විට වහා ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන අයුරුයි. මේ ප්‍රදේශයේ විදුලි පහන් කණු සවි කර තිබුණ ද ඒ එක විදුලි පහන් කණුවක හෝ විදුලි බල්බ නොදැල්වෙයි. මේ හේතුව නිසා සංචාරක පාරාදීසයක් බදු මේ කලාපය ඝන අන්ධකාරය රජයන කලාපයක් බවට පත් වී ඇත. විදේශ සංචාරකයන් දස දහස් ගණන් පැමිණෙන ගාල්ල කොටුව වැනි ස්ථානවල විදුලි ආලෝකය ලබා දී සංචාරකයන්ට නැරඹීමට හැකි වන පරිදි සකස් කර තැබීම අනිවාර්ය වේ. නමුත් එවැනි කිසිදු දෙයක් මෙම සංචාරක පුරවරයේ නැත.

මෙහි යාන්තමින් හෝ විදුලි ආලෝකයක් ඇත්තේ මාර්ගයේ අනිත් පස ඇති සංචාරක හෝටල් සහ වෙළෙඳ ආයතනවල පමණි.

ගාලු උරුමය පදනමේ අධ්‍යක්ෂ එච්. එල්. ගුණවර්ධන මහතා - ගාලු කොටුවේ විදුලි පද්ධතිය මේ වන විට අක්‍රීය වෙලා තියනවා. ගාල්ල නගර සභාවත් එක්ක එකතු වෙලා මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයට මෙහි අලුත්වැඩියා කටයුතු භාර දීලා තියෙන්නේ. මේ ප්‍රශ්ණය ඉක්මනින්ම විසදේවි.


නව අදහස දක්වන්න

Or log in with...