තංගල්ල රෝහලේ ගිලන් රථ අබලන් | දිනමිණ

තංගල්ල රෝහලේ ගිලන් රථ අබලන්

තංගල්ල මූලික රෝහලේ දැනට තිබෙන ගිලන් රථ අබලන් තත්වයට පත්වී ඇති බැවින් රෝගීන්ගේ හදිසි අවශ්‍යතාවයන් සදහා වෙනත් රෝහල්වලට රැගෙන යාමේදී විවිධ අතහසුතාවනaට පත්වන බව රෝගීහු පවසා සිටිති.

රෝහලේ ඇති ගිලන් රථ තුනෙන් දෙකක්ම දැනට අබලන් තත්ත්වයේ පවතින බැවින් අලුත්වැඩියා කිරීම සදහා ගරාජයට දමා ඇත. මෙම ගිලන් රථ තුනම අවුරුදු පහකට වැඩි කාලයක් සේවයේ යොදවා තිබී ඇති අතර ඉන් එක් ගිලන් රථයක් පමණක් අලුත්වැඩියා කටයුතු කර එදිනෙදා සේවා කටයුතුවලට යොදවා තිබෙන බව රෝගීහු පවසා සිටිති.

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී.ජී.චමල් සංජීව මහතා - තංගල්ල රෝහල ඇතුළු අනෙකුත් රෝහල්වලට අවශ්‍ය ගිලන් රථ ලබා දෙන මෙන් අමාත්‍යං ශයෙන් මේ වන විට ඉල්ලීමක් කර තිබෙනවා.

රෝගී ජනතාව පවසා සිටින්නේ තංගල්ල මුලික රෝහලට දැඩි අවශ්‍යතාවයක්ව පවතින ගිලන් රථවල අවශ්‍යතාවය පිරිමසා ගැනීමට දැනට අබලන්ව පවතින ගිලන් රථ ඉතා ඉක්මනින් අලුත්වැඩියා කර හෝ අලුතින් හෝ ලබාදීමට කටයුතු කරන ලෙසයි.

රෝහණ ආරියරත්න - හම්බන්තොට

නව අදහස දක්වන්න