ටොනේඩෝ වර්ගයේ සුළඟින් පොළොන්නරුවට හානි | දිනමිණ

ටොනේඩෝ වර්ගයේ සුළඟින් පොළොන්නරුවට හානි

පොළොන්නරුවේ කදුරුවෙල නගරය හරහා පෙරේදා (04) සවස හමාගිය ටොනේඩෝ වර්ගයේ සුළඟක් නිසා එම ප්‍රදේශයේ නිවාස 200කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුවී තිබේ.

වරුෂාවත් සමඟ හමාගිය මෙම සුළඟින් කදුරුවෙල නගරයේ ‍ ගොඩනැගිලි කිහිපයකට බරපතළ ලෙස හානි සිදුව ඇත. නිවෙස් අසල තිබූ විශාල ගස් කඩාවැටීම නිසා එම නිවාසවල වහල හා ගෘහභාණ්ඩ විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබේ. පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් සුදන්ත ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් හානියටපත් නිවාස පිළිසකර කිරීමේ වැඩසටහනක් ඊයේ (05) දවස පුරා පැවැත්විණි.

සුළි සුළඟින් මහාමාර්ගවලට කඩාවැටී තිබුණ ගස් ඉවත්කිරීමත් නිවාසවලට සිදුවී ඇති හානි සොයාබලා එහි පදිංචිකරුවන්ට ආහාරපාන සැපයීමත් මෙම වැඩසටහනට අයත්විය. යුද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය මෙම වැඩසටහනට පූර්ණ සහාය දැක්වූ අතර, ආපදා කළමනාකරණ ඒකකය මෙම වැඩකටයුතුද සම්බන්ධීකරණය කරනු ලැබීය.

හානියටපත් නිවාස ඉදිකරගැනීම සඳහා ආධාර මුදලක් ලබාදීමටද පියවර ගැනේ.

පොළොන්නරුව විශේෂ හා
පොළොන්නරුව දිසා සමූහ


නව අදහස දක්වන්න

Or log in with...