උපකාරක පන්ති ගිය සිසුවිය පැහැර ගෙන ගිහින් | දිනමිණ

උපකාරක පන්ති ගිය සිසුවිය පැහැර ගෙන ගිහින්

උපකාරක පන්තියට ගිය දුව පැහැරගෙන ගොස් මාසයකටත් වැඩියි.තවමත් කිසිඳු තොරතුරක් නැතැයි මවුපියෝ හැඩු කඳුළින් පවසති.

උපකාරක පන්තියක් සඳහා ගිය සිය දියණිය වීරවිල ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු පසුගිය ජුලි 29 වැනි දින පැහැරගෙන ගොස් මේ වන විට මාසයක් පමණ ගත වි ඇතත් මේ වන තෙක් ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි මවුපියෝ පවසති.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දෙබරවැව ජාතික පාසලේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබු වීරසුරිය ආරච්චිගේ භාග්‍යා සදනි නැමති 16 හැවිරිදි පාසල් සිසුවියයි.ඇය පසුගිය ජූලි 29 වැනි දින තිස්සමහාරාමයේ පැවති උපකාරක පන්තියකට සහභාගී වි පසුව යහළුවන් සමඟ වීරවිල නගරයට ගිය අවස්ථාවේ මෙම පැහැර ගැනීමට ලක්ව තිබේ.

පැහැර ගැනිමට ලක් වු දියණියගේ පියා වන ඩබ්ලිව්.ඒ.ගාමිණි ජයතිලක මහතා මෙසේ පැවසිය.

මට දියණියන් තිදෙනකුයි ඉන්නේ.පැහැර ගැනීමට ලක් වෙලා ඉන්නේ මගේ මද්දුම දියණියයි.අපි මේ සම්බන්ධයෙන් වීරවිල පොලීසියටත් පැමිණිලි කරලා තියෙනවා.දුව පැහැරගෙන දැන් මාසයකටත් වැඩියි.නමුත් තවම දුව පිළිබඳව කිසිදු තොරතුරක් නෑ.අපි යන්න තියෙන හැම තැනම වගේම කියන්න තියෙන හැම කෙනාටමත් දැනුම් දිලා තියෙන්නේ.කවුරු හරි කමක් නෑ දුව ඉන්න තැනක් පිළිබඳව දන්නවා නම් ඒ පිළිබදව ලගම තියෙන පොලිසියට දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

දැරිය පැහැරනීම සම්බන්ධයෙන් වීරවිල පොලීසියද මේ වන විට විශේෂ විමර්ශන ආරම්භ කැර තිබේ. 

සුරියවැව නුවන් ජයසේකර


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...