අමිර්තලිංගම් ගුණ සමරුවේ දී අත්පත්‍රිකා බෙදූ මාධ්‍යවේදීයකුට පහර දිලා | දිනමිණ

අමිර්තලිංගම් ගුණ සමරුවේ දී අත්පත්‍රිකා බෙදූ මාධ්‍යවේදීයකුට පහර දිලා

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ආරභක නායකයා මෙන්ම හිටපු විපක්ෂ නායක වරයෙකු ද වන ඒ. අමිර්තලිංගම් මහතාගේ ගුණානුස්මරණ වැඩසටහනක දී අත්පත්‍රිකා බෙදමින් සිටි යාපනයේ මාධ්‍ය වේදියෙකුට අමිර්තලිංගම් මහතාගේ පුත්‍රයෙකු හා තවත් අයෙකු පහර දුන්නේ යැයි එම මාධ්‍යවේදියා විසින් යාපනය පොලීසියේ පැමිණිලි කර ඇත.

පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයකු වන අමිර්තලිංගම් මහතාගේ 90 වැනි ගුණානුස්මරණය යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී මාධ්‍යවේදී එම්.පරමේෂ්වරන් මහතා විසින් යාපනය වීරසිංහම් ශාලාවේදී පොතක් එළිදක්වන බව පවසමින් අත්පත්‍රිකා බෙදමින් සිටි අවස්ථාවේදී අදාළ පහරදීම සිදුව ඇත.

අදාළ අත්පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේද අමිර්තලිංගම් මහතා එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඡන්දය නොදී නැගිට ගිය නිසා ඔහු දෙමළ නායකයකු ලෙස පිළිගත නොහැකි බව යැයි යාපනය පොලීසිය පැවසීය.

අමිර්තලිංගම් මහතාගේ පුත්‍රයා වන කාන්දීපන් මහතා සහ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ගෞරිනන්දන් යන අය විසින් පහරදීම සිදු කළ බව පරමේෂ්වරන් මහතා සඳහන් කරයි.

අමිර්තලිංගම් මහතා වෙනුවෙන් පැවැති ගුණානුස්මරණ උත්සවයේදී ඔහුගේ පුත් කාන්දීපන් කියා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආ අවස්ථාවේ එම විවාදය යන අතරතුර පමණක් අමිර්තලිංගම් මහතා සභා ගැබෙන් පිටව ගිය බවටත්ය.

එවැනි පසුබිමක ඔහු දෙමළ ජනතාවගේ නායකයකු ලෙස පිළිගත නොහැකි බව සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටිය දී පරමේෂ්වරන් මහතා මෙසේ පහරකෑමලට ලක්ව ඇති බවද යාපනය පොලීසිය සඳහන් කරයි.

පහර දීමට සම්බන්ධ දෙදෙනා සම්බන්ධයෙන් යාපනය පොලීසියේ පැමිණිල්ලක් සටහන කර අති බවත් එසේ වුවත් පොලීසිය කිසිදු පියවරක් ගෙන නොමැති බවද මාධ්‍යවේදී පරමේෂ්වරන් මහතා පවසයි. 

වවුනියාව උතුර සමූහ

නව අදහස දක්වන්න