දාහත් හැවිරිදි සිසුවියගේ මරණයට විවෘත තීන්දුවක් | දිනමිණ

දාහත් හැවිරිදි සිසුවියගේ මරණයට විවෘත තීන්දුවක්

රාත්‍රී ආහාරය සමඟින් ඌරු මස් ස්වල්පයක් පරිභෝජනය කළ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක අසනීප වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේම මියයා‍ෙම් සිද්ධිය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. එල්. එම්. සේනානායක මහතා පියවර ගත්තේය. මෙලෙස මියගොස් ඇත්තේ දොම්පේ පැලහැල ප්‍රදේශයේ පදිංචි බටදූවගේ අංජලී නිමාෂා පෙරේරා නැමැති 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය මියගිය එම පාසල් ශිෂ්‍යාවකගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබන මස 27 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මරදාන පොලිසියට නියෝග කළාය.

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී පැවැති මියගිය ශිෂ්‍යාවකගේ සාක්කි විභාගයේදී ඇයගේ පියා වන බටදූවගේ චානක පෙරේරා සාක්කි දෙමින් මෙසේද පැවසීය.

Òමෙසේ මියගොස් ඇත්තේ මගේ දියණියයි. ඇය පවුලේ තුන්වැනි දරුවයි. ඇය බොහොම හොඳින් නිරෝගීව සිටියා. ඉකුත් 29 වැනිදා රාත්‍රී ආහාර වේලට ඌරුමස් ගෙන ඇවිත් තිබුණා. ඇය එදා ස්වල්පයක් ආහාරය එමඟින් කෑවා. වෙනදාට ඇය කන්නේ නැහැ. එදින රාත්‍රියේම දියණියට උණ ගත්තා. දරුණු මට්ටමින් උදරයේ අමාරුවක් හැදුනා. අප එසැණින් පුද්ගලික රෝහලකට ගෙන ගියා. එයින් දොම්පේ රෝහලටත්, පසුව ගම්පහ රෝහලටත් මාරු කර ජාතික රෝහලට ගෙන ආවා. 31 වැනිදා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියා.

අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ඉහත සඳහන් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබන මස 27 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මරදාන පොලිසියට නියෝග කළාය. 

හේමන්ත ඩෙප්


නව අදහස දක්වන්න

Or log in with...