20ට නව සංශෝධන ඉදිරිපත් කරනවා - නීතිපති | දිනමිණ

20ට නව සංශෝධන ඉදිරිපත් කරනවා - නීතිපති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද දැනුම් දී තිබේ.

ඔහු විසින් එලෙස දැනුම් දී ඇතතේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

පනත සම්මත වී මාස 12ක් ඇතුළත,පළාත් සභා මැතිවරණය පවත්වන බව ද නීතිපති, ජයන්ත ජයසූරිය විසින් දැනුම් දී ඇතියි ද සදහන්.

එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් කිහිපයක් අද අග්‍ර විනිශ්චකාර ප්‍රයසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබීය.

නව අදහස දක්වන්න