එ.ජා.පය 71 වෙනුවෙන් ආගමික වතාවත්වල | දිනමිණ

එ.ජා.පය 71 වෙනුවෙන් ආගමික වතාවත්වල

පක්ෂයේ 71 වන සංවත්සරය වෙනුවෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂය විසින් අද ආගමික වතාවත්වල නිරත විය.

මේ එහි දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ - 

අපේ ආණ්ඩුවේ සංවර්ධන වැඩකටයුතු නිසාම මෙම ස්ථානයට පැමිණීම අද තරමක් ප්‍රමාද වුණා.
 
ඒ රාජගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ග තදබදයට මුහුණදීමට අපට සිදුවූ නිසයි. 
 
මෙතෙක් කල් කවුරුත් නොකළ වැඩකටයුත්තක් ආරම්භ කළ විටදී ඉදහිට එවැනි ගැටළු සඳහා මුහුණදීමට සිදුවනවා. 
 
රාජපක්‍ෂ රෙජිමය මේ පිළිබඳව අවුරුදු 10 ක් තිස්සේ කතා කළත් මුදල් නොමැතිකම හේතුවෙන් ඔවුන් එය ක්‍රියාවට නැගුවේ නැහැග නමුත් අපේ ආණ්ඩුව බලයට පැමිණි විට ස්පාඤ්ඤ රජයේ ආධාර මත රාජගිරියේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා.
 
මෙය අපේ සංවර්ධනය සඳහා එක් උදාහරණයක් පමණයි. රට පුරාම මෙවැනි උදාහරණ ගණනාවක් තිබෙනවා. 
 
අපේ රටේ ණය බර අපේ පරම්පරාවේදීම විසඳන බව අපි ප්‍රධාන වශයෙන් පැවසුවා. අප මේ වනවිට ඒ තත්ත්වය පාලනය කර තිබෙනවා.
 
ඉදිරි වසර දෙක - තුනත් ණය බර පාලනය කරමින් කටයුතු කරනවා නම් අනාගත පරම්පරාවට එය ගැටළුවක් වන්නේ නැහැග ඒ වගේම අපි මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රසාදයක් ද දිනාගෙන තිබෙනවා.

 

ගත වූ කාලය තුළ අපේ ආණ්ඩුව කළ සියලූ වැඩකටයුතු පැවසීමට නම් මට අතිවිශාල කාලයක් අවශ්‍යයිග අපි පොරොන්දු වූ තවත් ප්‍රධාන කාරණයක් වන්නේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහිකර දීමයි.
 
මේ වනවිට අපි විධිමත්ල අවිධිමත් සහ ස්වයං රැකියා ආදී අංශයන්ගෙන් රැකියා අවස්ථා ලක්‍ෂ 4 ක් බිහිකර තිබෙනවාග ඉදිරියේදී එම රැකියාවල ආදායම තවත් වැඩිකරන අතරමල අනෙක් තරුණ තරුණියන් සඳහා ද රැකියා අවස්ථා ලබාදීමට අපි කටයුතු කරනවා.
 
 

නව අදහස දක්වන්න