"රාජ්‍ය නිලධාරීන්ට වාහන බලපත්‍රය දෙන්නේ රටේ සුබසිද්ධියට" | දිනමිණ

"රාජ්‍ය නිලධාරීන්ට වාහන බලපත්‍රය දෙන්නේ රටේ සුබසිද්ධියට"

රාජ්‍ය නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කරනු ලැබුවේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකා බව  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (6) පාර්ලිමේන්තුවේ දී නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) නියමන් පිළිබඳව විවාදයට එක්වෙමිනි.

එසේම සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටට පත්වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය.

 


නව අදහස දක්වන්න

Or log in with...