යළි ලබාගත නොහැකි අයුරින් බලයක් අවශ්‍යයි | දිනමිණ

යළි ලබාගත නොහැකි අයුරින් බලයක් අවශ්‍යයි

කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් ලැබෙන්නේනම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට අවශ්‍ය වී ඇත්තේ බලය බෙදීමක් පමණක් බවයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සභාපතිත්වය දරන දෙමළ ජනතා සංසදයේ විද්වත් හමුවකට යාපනය වීරසිංහම් ශාලාවේදී රැස්වීමෙන් පසු ඔහු මේ බව සදහන් කලේය.

එය ඒකීය පාලනයක් වූවත් ෆෙඩරල් පාලනයක් වූවත් තමන්ට ගැටළුවක් නොවන බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය.

මේ එහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා -

‘අපිට ඕන බලය බෙදීමක් ඒක ඒකීය පාලනයක් තුල ආවත් කමක් නැහැ ෆෙඩරල් පාලනය තුල ආවත් කමක් නැහැ කියලා ඇත්ම් පිරිස් කියනවා.

ඒ වගේම අපි මෙතනින් වෙන්වෙලා යන්න යනවා කියලා ඇතමුන් අතර බියක් ඇති වෙලා ඒ ගැන කව්රුත් බියක් ඇති කරගත යුතු නැහැ.

ඕන නම් අපිට ඉන්දියාව , බ්‍රිතාන්‍ය හෝ වෙන ඕන රටක් හරහා හරි එහෙම වෙන් නොවන බවට සහතික වෙන සම්මුතියකට එලඹෙන්න පුලුවන්.

මෙතනදී අපි කියන්න ඕන එකීය පාලනයක් තුල කොතරම් බලය බෙදීමක් සිදු වුනත් ඒක ස්ථීර නැහැ නීත්‍යානුකූල නැහැ ඒ දුන්නු බලය දීපු අයම නැවත ලබාගනීවි කියන තත්ත්වයකට කවදහරි පත්වෙයි කියල අපි අමතක කරන්න හොඳ නැහැ.

බහුතර අය අපිව පාලනය කරන විදිහට බලයක් සහිතව නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ නැහැ.

ඒ නිසා අපිට කිසිවෙකුට යලි ලබාගන්න බැරි වෙන අයුරින් බලය නීත්‍යානුකූලව ලැබිය යුතුයි එහෙම වුනොත් විතරයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා නිදහසේ මේ රට තුල ජීවත් වීමට අවස්ථාව උදා වෙන්නේ යනුවෙනි.

 


අදහස් 4ක් ඇත

balaya, athata awahama thamayi balaya, kriyathmaka wenne!

Prior to delegate power under federal system, mutual understanding, trust and respect each other is essential. That is what we don't have in our Country.

yako me koti awathaara illa sitinnee balaya bedima genamaya den mewa kathaa karannam mokatada kollo tika maragena me rata nidahas kara gaththe me rata ekiya ratak viya yuthumaya eya me eka ekaata ona vidihata bedanna denna bee me punchi ratee mokatada mehem wennee beduwaya kiyaa demala janathaawa anek palath walin iwath vi uthureema pamanak padinchi wenawada me viwasthaa gena emin rata bedi wenvi yana gamana nawatha demiya yuthumaya

kotiyo! !!!! sinhaya dan inne , gaha yata,,, oya gahe karuwen watunoth ithin deyyange pihitamayi mama me liyanne kale inna kotiya ganayi , wananthare inna sinhaya ganyi , mokada mama lama katha liyana kenekne,,,, ithin waradda ganna epa,, lekakayo hari apuru katha lamayinta liyanawane,,,!!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...