පාර්ලිමේන්තු ආහාරපානවල මිල ගණන් ඉහළට | දිනමිණ

පාර්ලිමේන්තු ආහාරපානවල මිල ගණන් ඉහළට

වසර 9කට පසු පාර්ලිමේන්තුවේ ආහාරපානවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ, කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසිනි.

ඒ අනුව මන්ත්‍රීවරයෙකුගේ උදෑසන ආහාර වේල රුපියල් 60 සිට 100 දක්වා ඉහළ දමා ඇති අතර, රුපියල් 150ක්ව පැවති දහවල් ආහාර වේල රුපියල් 200 දක්වා ඉහළ දමා තිබේ.

එසේම මන්ත්‍රීවරයෙකුට පිටතින් අමුත්තන් රැගෙන ඒමේදී 12 දෙනෙකුට වැඩි වුවහොත් දහවල් ආහාර වේල සඳහා එක් අයෙකුගෙන් රුපියල් 600ක් අය කර ගැනීමට තීරණය කර තිබේ.

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න