රාහු කේතු පීඩාව | දිනමිණ

රාහු කේතු පීඩාව

පසුගිය අගෝස්තු 18 වෙනිදා වසරකට පසුව රාහු හා කේතු මාරුවක් සිදුවූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. ජ්‍යෝතිෂ සිද්ධාන්ත අනුව රාහු ජනයා ග්‍රහයෙකු වශයෙන් සඳහන් වන අතර නිතරම රාහුගෙන් 07 වැන්නේ කේතු ගමන් කරයි. එසේම අනෙක් ග්‍රහයන් 07 දෙනාම කේන්ද්‍රයක වාමාවර්ථව ගමන් කළ ද රාහු හා කේතු නිතරම දක්ෂිණාවර්ථව ආපස්සට ගමන් කරනු ලබයි.

අගෝස්තු 18 වනතුරු රාහු සිංහ රාශියේ ගමන් කළ අතර 18 වෙනි දින සිට 2019.03.07 වෙනිදා දක්වා කටක රාශියේ ගමන් කරයි. එසේම කටක රාශිය සඳුට අයත් නිසා සඳු මනසට අධිපති වනනිසා සඳු එම රාශියේම රාහු මාරුව සිදුවන අවස්ථාවේ තැන්පත්ව සිටි නිසා විශේෂයෙන්ම පූනාවස පුෂ, අස්ලිස නැකත් හිමියන්‍ටත් රාහු, සෙනසුරු, කුජ මහදශා අතුරු දශා ගත කරන අයටත් අසුබදායකය. මේ නිසා වෙනදා සිදුවූ දින කීපයේ බොහෝ අයට බොහෝ බලපෑම් ශාරීරිකව මෙන්ම මානසිකව බලපා ඇත.

බොහෝ අයට වෛරය පිරි ක්‍රෝධ සිතිවිලි පහළවන අතර එකිනෙකා අතර දරුණු විදිහේ ගැටුම් කළහකාරී තත්ත්වයන් වර්ධනය වෙයි. මානසික සුවය පිරිහී ඒ වෙනුවට දැඩි දුක්ඛ පීඩා විඳීමට සිදුවනු ඇත.

මේෂ ලග්නයට

රාහු ග්‍රහයා 04 වැන්නේත් කේතු 10 වැන්නේත් ගමන් කිරීම ගෝචරයෙන් ඇරඹීම නිසා 04 වැන්න තම හදවතට බලපාන නිසාත් 10 වැන්න රැකියාවට බලපාන නිසාත් හිතට සහනය අඩුවේ. ඉඩකඩම්, දේපොළ, ගේ දොර ප්‍රශ්න ඇතිවේ. රැකියාවේ වෙනස්වීම් සිදුවේ. විවේකය අඩුවීම නිසා ශරීරයට ද පීඩා වේ. අනුන්ට හොඳක් කළත් හොඳ අසන්නට නොහැකි වේ.

වෘෂභ ලග්නයට

රාහු 03 වැන්නේත් කේතු 9 වැන්නේත් ගමන් කරයි. මේ නිසා රාහු 03ට සුබ නිසා තමන්ට වික්‍රමය ලැබෙන කීර්ති ප්‍රශංසා රාහුගෙන් ලැබේ. ප්‍රසිද්ධිය කැපී පෙනීම ඇති කරයි. ඔක්තෝබර් 27ට පෙර වඩා යහපත්ය. ඔක්: 27 අෂ්ඨම ඒරාෂ්ඨකය අරඹන නිසා යම් බාධක වැඩි වුවත් රාහුගෙන් ඔබට අයහපතක් නැත.

මිථුන ලග්නයට

රාහු 03 වැන්නේත් කේතු 9 වැන්නේත් ගමන් කරයි. මේ නිසා රාහු 03ට සුබ නිසා තමන්ට වික්‍රමය ලැබෙන කීර්ති ප්‍රශංසා රාහුගෙන් ලැබේ. ප්‍රසිද්ධිය කැපී පෙනීම ඇති කරයි. ඔක්තෝම්බර් 27ට පෙර වඩා යහපත්ය. ඔක්: 27 අෂ්ඨම ඒරාෂ්ඨකය අරඹන නිසා යම් බාධක වැඩි වුවත් රාහුගෙන් ඔබට අයහපතක් නැත.

මිථුන ලග්නයට

රාහු 02 වැන්නේත් කේතු 08 වැන්නේත් ගමන් කරයි. මේ දෙකම මිථුන ලග්න හිමියන්ට එතරම් සුබ නැත. සොර සතුරු කරදර ධන හානි නිෂ්ඵල වියදම් ඇති වන්නේ රාහු 02 වූ බැවිනි. මේ නිසා මිථුන හිමියන් තමන්ගේ දේවල් රැක ගැනීමට වඩාත් ප්‍රවේශම් විය යුතුය. එසේම කේතු 08 ගමන් කිරීම නිසා විවාහ ජීවිතයට නොයෙක් බලපෑම් එල්ලවෙයි. දෙදෙනා අතර මත ගැටුම් ඇතිවේ. ගුප්ත සතුරු කරදර එල්ලවෙයි.

කටක ලග්නයට

රාහු ලග්නයට පැමිණීමත් කේතු 07 වැන්නට පැමිණීමත් නිසා හිතට සහනය අඩුවේ. නොයෙක් මානසික පීඩා යෙදී හිතට මහා බරක් පැටවේ. ගිහිගෙය ගිනි ගොඩක් තරමට පීඩාකාරී වෙයි. සහකරු සහකාරියගෙන් නිතරම ඇණුම් බැණුම් අසන්නට හිමිවේ. කෙතරම් හොඳක් කළත් හොඳ අසන්නට ‍නොහැකි වෙයි. කළ හොඳ පවා පස්සෙන් එලවයි. නින්දා අපහාස චෝදනා හිමිවේ. අන් අයට තමා එපාවන වැඩම සිදුවේ. රාහු නරක තැනක පිහිටි අයට මෙය වඩාත් බලපායි.

සිංහ ලග්නයට

රාහු 12ටත් කේතු 06ටත් පැමිණෙයි. මේ නිසා රාහු 12ත් අධික වියදම් සිදුවේ. නිකරුණේ මුදල් නැති නාස්ති වෙයි. ඉතිරි කිරීමක් පේනතෙක්මානෙක නැතිවෙන තරමට අසීරු වෙයි. පාදවල රෝග, උෂ්ණ රෝග ඇතිවේ. සතුරු, ගුප්ත කරදර අමනුෂ්‍ය දෝෂ බලපායි.

කන්‍යා ලග්නයට

රාහු 11 වැන්නේත් කේතු 05 වැන්නේත් ගමන් කිරීමත් නිසා මෙතෙක් මන්දගාමීව පැවති ඔබේ බොහෝ කටයුතු වෙනස්වී ක්‍රියාකාරී වෙයි. ව්‍යාපාර හා රැකියා කටයුතුවලින් වෙනදාට වඩා ජයග්‍රහණ ලැබේ. කොමිස් මුදල් ලැබීමට ඉතාම සුබ කාලයක් නිසා එවැනි කටයුතුවලට මේ තරම් සුබ කාලයක් තවත් ‍නොවේ. සඳු 08 වැන්නේ පිහිටි අයට ඔක්: 27 වෙනිදා දක්වා නම් ඉතා අපලදායක නිසා එවැනි අය ප්‍රවේශම් විය යුතුය. දරුවන්ට ද එතෙක් අපලදායක වන අතර සහකරු සහකාරියට ද එසේය.

තුලා ලග්නයට

රාහු 10 වැන්නේත් කේතු 04 වැන්නේත් ගමන් කරයි. ගෙදර දොර රැකියාව සම්බන්ධයෙන් ස්ථානමාරු ඇතිවේ. එම කටයුතුවල නොහිතූ ගැටලු ඇති කරයි. කේතු 04 නිසා පපුව ආශ්‍රිත රෝගවලින් පීඩා විඳීමට සිදුවේ. රැකියාවේ විවේකය අඩුවේ. දුර ගමන් බිමන් විදේශ ගමන් යෙදීමට ඉඩ ඇත.

වෘශ්චික ලග්නයට

රාහු 09 වැන්නේත් කේතු 03 වැන්නේත් ගමන් කිරීම නිසා මෙම අයට එතරම් අයහපතක් රාහු කේතු මාරුවෙන් සිදු නොවුණත් ශනි ඒරාෂ්ඨකය ගමන් කිරීම තරමක බාධාවක් වනු ඇත.

ධනු ලග්නයට

රාහු 08 වැන්නේත් කේතු 02 හිත් ගමන් කරයි. මේ නිසා විවාහ ජීවිතයට බොහෝ කරදර බාධක ඇතිවේ. හදිසි අනතුරු සුළු තුවාල ආදියට ඉඩ ඇත. නොසිතන කරදර හා දුක්මුසු ආරංචි දැන ගැනීමට ලැබේ. ධන හානි සිදුවේ. හිටිහැටියේ ඇතිවන ධනලාභවලට ද හේතුවේ.

මකර ලග්නයට

රාහු 07 වැන්නේත් කේතු 01 වැන්නේත් ගමන් කරයි. මේ අයට ද යුගදිවිය මත ගැටුම් ආරවුල් සහිතව ගෙවීමට සිදුවේ. ගිහිගෙය ගිනිගොඩක් තරමට පීඩා පැමිණේ. අනෙක් පාර්ශ්වයෙන් කෙතරම් හොඳක් කළත් හොඳ අසන්නට නොහැකි වේ. ඔළුව මහා බරකින් පිරී ඇති සෙයක් දකින්නට ලැබේ.

කුම්භ ලග්නයට

රාහු 06 වැන්නේත් කේතු 12 වැන්නේත් ගමන් කරයි. නිරෝගිකමට බාධා පැමිණිනුනත් සොර සතුරු කරදර අන් අයගේ උපායශීලි කුමන්ත්‍රණ එක් ක්ෂණයකින් පැරදවීමේ පුදුම බලයක් තමන්ට ලැබේ. සතුරන් තමා වෙතින් පලා යයි.

මීන ලග්නයට

රාහු 05 වැන්නේත් කේතු 11 වැන්නේත් ගමන් කරයි. අධ්‍යාපනය ලබන අයට සුබ නැත. ප්‍රේම සබඳතා පවත්වන අයට සුබ නැත. යුග දිවි ගතකරන අයට දරුවන් සම්බන්ධව ගැටලු ඇතිවේ. කේතු 11 නිසා හදිසි ධන ලාභවලට හේතුවේ. කොමිස්, කොන්ත්‍රාත් වැඩවලට සුබදායකය.

ජ්‍යෝතිෂවේදිනී
සුරංජා සරෝජනි පතිරණ


අදහස් 1ක් ඇත

sanda rahu giluwa wagemayi, prathipala, upathin rahu wiwida lagnawalata pihiti akarayata prathipala denawa, namuth rahu hari wicramawanda laba denawa, awiddapaya dahas watinawa kiyana deyath laba denawa, hapo ara kethuwanam mata pennnna baha , hori kusta ekathana thiyana yakek, namuth poth liyana ayatanam hodayi, onna mamath pothak liyanna chance eka dunnaya!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...