ශ්‍රීල­න්කන් ගු වන් සමා­ගමේ කේට­රින් අංශ­යට තවත් කීර්ති­මත් ජය­ග්‍ර­හ­ණ­යක් | දිනමිණ

ශ්‍රීල­න්කන් ගු වන් සමා­ගමේ කේට­රින් අංශ­යට තවත් කීර්ති­මත් ජය­ග්‍ර­හ­ණ­යක්

මදාරා මුදලිගේ

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ශ්‍රීලන්කන් කේටරින් අංශය තවත් කීර්තිමත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ජාතික සූපශාස්ත්‍ර තරගාවලියේ දී (Culinary Expo 2017 ) සම්මාන රැසකින් පිදුම් ලැබීය. ශ්‍රීලන්කන් කේටරින් අංශයේ සූපවේදීන් ඔවුන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවන් සහ කුසලතා ප්‍රදර්ශනය කරමින් සමස්ත පදක්කම් 29 ක් දිනා ගත් අතර, එයට රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 12ක් ඇතුළත් වේ. 17 වැනි වරට පැවැති මේ ජාතික සූපශාස්ත්‍ර තරගාවලිය ශ්‍රී ලංකා සූපවේදී සංගමය (Chefs Guild of Sri Lanka) විසින් සංවිධානය කළ අතර, එය පසුගිය දා කොළඹ දී පැවැත්විණි.

මේ තරගය සඳහා හෝටල් සහ අවන්හල් 165 කින් 1700 කට අධික පිරිසක් අංශය 34 ක් යටතේ තරග කර ඇත. මෙය ආසියාවේ විශාලතම ආහාර තරගාවලිය වන අතර, මෙහි විනිශ්චයකරුවන් ලෙස ප්‍රධාන සූපවේදීන්ගේ සංගමයේ (WACS) ලෝක විනිසුරු මඬුල්ල කටයුතු කරන ලදී. සෑම වසර දෙකකට වරක් WACS වලට අනුබද්ධ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් මෙය සංවිධානය කරන ලදී. මේ ආහාර පිසීමේ කලාව තුළින් ලෝකයේ පැවැත්වෙන ගෝලීය තරග වන සූපශාස්ත්‍ර ලෝක කුසලානය වැනි තරග සඳහා මෙය වේදිකාවක් සපයනු ලබයි.

ශ්‍රීලන්කන් කේටරින් විධායක අධ්‍යක්ෂ රඛිත ජයවර්ධන මහතා සඳහන් කළේ නැවත වතාවක් සිය කණ්ඩායම විශිෂ්ට දක්ෂතාවන් පෙන්නුම් කර ඇති බවයි. එසේම කණ්ඩායමේ සාමාජිකයන් 24 දෙනා අතර පදක්කම් දිනා ගනිමින් දිවයිනේ අනෙකුත් හෝටල් සහ ආපනශාලා කර්මාන්තයේ ප්‍රධාන සූපවේදීන් කිහිපදෙනකු ඉතා හොඳ තරගයක් ලබාදුන් බව ද හෙතෙම සඳහන් කළේය. ශ්‍රීලන්කන් කේටරින් සූපවේදී කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් හා කුසලතාවන් සහ නව්‍යතාවයෙන් යුතුව පවත්වාගෙන යමින් ගුවන් සේවා සපයන්නන් සහ ආපනශාලා හිමිකරුවකු ලෙස කටයුතු කරන බව ද ඒ මහතා පැවැසීය.

පසුගිය මාසයේ කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි ගුවන් කේටරින් අංශය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන ජාතික ගුවන් සේවයට සහ දිනපතා ලොව අනෙකුත් කීර්තිමත් ගුවන් සේවාවලට දිනකට ආහාර වේල් 25,000 ක් සපයමින් අත්දැකීම් රාශියක් අත්පත් කර ගෙන ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...