ට්‍රම්ප් සිය නවතම බදු ප්‍රතිපත්තිය එළිදක්වයි | දිනමිණ

ට්‍රම්ප් සිය නවතම බදු ප්‍රතිපත්තිය එළිදක්වයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නවතම බදු ප්‍රතිපත්තිය එළිදක්වා තිබේ.

ඒ අනුව බදු කප්පාදුකර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පාලන සමයෙන් පසු දැවැන්ත ලෙස මධ්‍යම පාන්තිකයන්ගේ බදු අඩු කළ අවස්ථාව ලෙස මෙය කැපී පෙනෙන බව විදෙස් විචාරකයන් සඳහන් කරනු ලැබේ.

සරල බදු ප්‍රතිපත්තියක් ඇති කරමින් මධ්‍යම පාන්තිකයන්ට සහන සැලසීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලින් එකකි. මේ අනුව එරට බැංකු හා සෙසු මූල්‍ය ආයතන වලට අතිරික්ත මුදල් සැපයීම නව ප්‍රතිපත්තිය මගින් සිදු කෙරේ.

අදහස් 1ක් ඇත

rataka badu ayakara ganima adu kaloth rate diyunuwata bahada wakda mata nodaneyi, mama arthika widdyawa hadarala naha;

නව අදහස දක්වන්න