සංගක්කාරගේ බලාපොරොත්තු බිඳ වැටෙයි | දිනමිණ

සංගක්කාරගේ බලාපොරොත්තු බිඳ වැටෙයි

 මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලිය පිළිබඳව කුමාර් සංගක්කාරගේ ජැමෙයිකා තලවස් කණ්ඩායම තැබූ බලාපොරොත්තු බිඳ වැටී තිබේ.

ඒ, ගුයානා ඇමර්සන් වෝරියස් කණ්ඩායම සමග පැවති අවසන් වටයේ තරගයකින් පරාජය වීමත් සමගය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැමෙයිකා තලවස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 168ක් රැස් කළේය. ගුයානා ඇමර්සන් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 17යි පන්දු 05ක් අවසානයේ කඩුලූ 05ක් දැවී පසුකර යමින් තරගයේ ජය වාර්තා කරන ලදි.

කුමාර් සංගක්කාර පන්දු 38ක දී නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය.

නව අදහස දක්වන්න