රට පුරා ‘දැනුම නිලධාරීන්’ 600කට පරිගණක දැනුම | දිනමිණ

රට පුරා ‘දැනුම නිලධාරීන්’ 600කට පරිගණක දැනුම

 ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනය (I.C.T.A.) විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යාංශවල අනුග්‍රාහකත්වය යටතේ ග්‍රාමීය මට්ටමින් පරිගණක දැනුම වර්ධනය කර ගැනීම තුලින් ග්‍රාමීය ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු මුහුණු පොත හරහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් යොමුකර අදාළ විසඳුම් හා සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ගම සංවර්ධනය කිරීම සඳහා වැඩ සටහනක් මේ වන විට ලංකාව පුරා ක්‍රියාත්මක කොට ඇත.

මෙහි මූලික අදියර යටතේ පොළොන්නරුව, යාපනය, බදුල්ල, කුරුණෑගල, මාතර යන දිස්ත්‍රික්කවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට එය අතිශයින් සාර්ථක වී ඇත. ඒ යටතේ ග්‍රාම නිලධාරී වසම් 60 ක දැනුම නිලධාරීන් 600 ක් පුහුණු කර තිබේ. මෙහි දෙවැනි අදියර යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට, බළපිටිය, කරන්දෙණිය, නියාගම, යක්කලමුල්ල, ගෝනාපීනුවල හා ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල නිලධාරීන් පුහුණු කිරීම අරඹා ඇත.

ඡායාරූපය - ගාල්ල දිස්ත්‍රික් සංචාරක. 

නව අදහස දක්වන්න