අනුරාධපුර වී ගබඩා 47ක් සූදානම් | දිනමිණ

අනුරාධපුර වී ගබඩා 47ක් සූදානම්

අනුරාධපුර දිසා විශේෂ

අනුරාධපුර දිස්ත්‍රික්කයෛ් කෘෂිකර්ම කටයුතු නංවාලීම සදහා ඕනෑම අවස්ථාවක ගොවි ජනතාවට සහාය ලබා දීමට රජයත්, කෘෂිකර්ම ඇමැතිවරයාත් සූදානමින් සිටින අතර, එයට ශක්තියක් දෙමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා 47ක් සූදානම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාර ශාන්ත කුමාර මහතා පවසයි.

රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික වෙළෙදුන් වී මිලදී ගැනීම නිසා රජයේ වී මිලදී ගැනීමේ කටයුතු වල මන්දගාමී තත්ත්වයක් පැන නැගී ඇතැයිද ඒ මහතා කීය. ඉදිරිකන්නයට අවශ්‍ය බිත්තර වී සපයා ගැනීමේ ගැටලුවක් ඇති හෙයින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඔවුන් ගේ මැදිහත් වීමෙන් කරන බවත්, රජයේ සහතික මිලට වී ලබාදීම සදහා ගොවීන් දැනුවත් කරන බවත්, මේ වන විට වී අස්වනු නෙළීම ආරම්භ කර ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් අනාවරණය කළේය. 

නව අදහස දක්වන්න