පාකිස්තානයේ ආරක්ෂක දිනය සැමරේ | දිනමිණ

පාකිස්තානයේ ආරක්ෂක දිනය සැමරේ

 පාකිස්තානයේ 52 වැනි ආරක්ෂක දිනය කොළඹ පිහිටි එරට මහ කොමසාරිස් කාර්යාලයේදී උත්සවාකාරයෙන් සැමරිණි.

මෙම උත්සවයේදී පාකිස්ථාන ආරක්ෂක උපදේශක කර්නල් සයිජාඩ් අලි මහතා කළ පිළිගැනිමේ කථාවේදී අන්තවාදය හා ත්‍රස්තවාදය මැඩපැවැත්වීම හා රට තුළ ස්ථාවරත්වය ඇති කිරීමට එරට සන්නද්ධ බලකායන් දරන උත්සහය අවධාරණය කළේය. පසුව පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ගී ශ්‍රී ලංකාවේ නාවික හමුදා විසින් ගයනා කරන ලදි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙහි දී පකිස්ථාන වැඩබලන මහා කොමසාරිස් වෛද්‍ය සර්ෆ්‍රස් අහමද් කාන් සිප්රා මහතා විසින් පකිස්ථාන ජනපති මහ්නූන් හුසේන් මහාතාගේ පණිවුඩය කියවන ලදි. ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරුන්, නාවික හමුදාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


නව අදහස දක්වන්න

Or log in with...