මහ වැසිත් සමඟ කළු ගඟ පිටාර මට්ටමේ | දිනමිණ

මහ වැසිත් සමඟ කළු ගඟ පිටාර මට්ටමේ

බලංගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන

කළු ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති හෙයින් රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් ඊයේ (7) උදේ 11ට පමණ වසා දැමීමට උපදෙස් දුන් බව සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික අමාත්‍ය නීතීඥ භාණු මුණිප්‍රිය මහතා පැවසීය. වැසි හේතුවෙන් සබරගමුව පළාතේ තර්ජනයට ලක් වී ඇති අනෙකුත් පාසල් පිළිබදව ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට තීරණ ගෙන ක්‍රියාත්මකකිරීමට වැඩිදුරටත් උපදෙස් දුන් බව පළාත් අමාත්‍ය වරයා සඳහන් කළේය.

අද (8) දින පාසල් පැවැත්වීම පිළිබඳව ඊයේ සවස (7) දින සවස විශේෂ සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය වරයා සඳහන් කළේය. 

නව අදහස දක්වන්න