ගං වතුර බැස යයි : වැසි තත්ත්වය තවදුරටත් | දිනමිණ

ගං වතුර බැස යයි : වැසි තත්ත්වය තවදුරටත්

ප්‍රදේශ කිහිපයකට බලපා තිබූ ජල ගැලීම් තත්ත්වය පහව යමින් පවතින බව වාර්තා වේ.

කෙසේ නමුත් දිස්ත්‍රික් 04කට පනවා ඇති නායයාම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ, ඇළපාත, කුරුවිට සහ අයගම යන අධ්‍යාපන කලාපවල සියලු පාසල් අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

නමුත්, දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉතා තද වැසි (මි.මි.100-150 ක පමණ) ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි (මි.මි.75-100 ක පමණ) ඇති විය හැක.

යාපනය සහ මන්නාරම වල උදය කාලයේදී වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...