අතිපූජ්‍ය අලව්වේ ඤාණවාස නාහිමිට ජනපති අවසන් ගෞරව | දිනමිණ

අතිපූජ්‍ය අලව්වේ ඤාණවාස නාහිමිට ජනපති අවසන් ගෞරව

හතමුණ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොළොන්නරුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පොළොන්නරුව ඉසිපතනාරාම සිරි විජයබා පිරිවෙනේ හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති අපවත් වී වදාළ අතිපූජ්‍ය අලව්වේ ඤාණවාස නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
 
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති හතමුණ ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ (07) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, විහාරස්ථ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළකළේය.

නව අදහස දක්වන්න

Or log in with...