ජපානය සහ මෙක්සිකෝව සෙලවෙයි | දිනමිණ

ජපානය සහ මෙක්සිකෝව සෙලවෙයි

මෙක්සිකෝවේ දකුණු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමඟ සුනාම් අනතුරු ඇඟවීමක් නිකුත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙලෙස මෙක්සිකෝව, ගොත්මාලාව, පැනමා, එල් සැල්වදෝරය, කොස්ටරිකා, නිකරගුවා, හොන්ඩුරාස්, ඉක්වදෝරය යන රටවල් වලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මෙක්සිකෝ හි දකුණු වෙරළින් ඔබ්බෙහි ශාන්තිකර සාගරයේ මැග්නිටියුඩ් 8.1 ක ප්‍රබල භුමිකම්පාවක් හටගැනිණි.

මේ නිසා අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකුවත් මේවනවිට මියගොස් ඇතැයි වාර්තාවේ.

ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පැවසු පරිදි මෙක්සිකෝ හි පිජිජියපාන් නගරයට කිලෝමීටර 87ක් (සැතපුම් 54) එපිටින් හා කිලෝමීටර 32ක් ගැඹුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වී ඇත.

මේ සමග මෙක්සිකෝ, ගුවාතමාලා, එල් සැල්වදෝර්, කොස්ටා රිකා, නිකරගුවා, පැනමා සහ හොන්ඩියුරාස් යන රාජ්‍යවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරිණි.

මෙක්සිකෝ හි මෙක්සිකෝ සිටි අගනුවර ගොඩනැගිලි භූකම්පනය හේතුවෙන් දෙදරුම් කෑ අතර ජනතාව වීථිවලට දිව ගියහ.

මෙම භුමිකම්පාවේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 8.1 ක් බව තහවුරුවුවහොත්, එය 1995 සහ 1985 දී මෙක්සිකෝ වෙත බලපෑ භූකම්පනවලට සමවනු ඇත.

මේ අතරින් 1985 ඇතිවූ භුමිකම්පාව මෙක්සිකෝ සිටි අගනුවරට ආසන්නයේ හටගත් අතර ඉන් දහස් ගණනක් මියගියහ.

2011 වසරේ මාර්තු මාසයේ ජපානයට බලපෑ රික්ටර් පරිමාණයේ 9 ක භූ කම්පනයෙන් ඇතිවූ සුනාමි රළ පහර හේතුවෙන් න්‍යෂ්ටික බලාගාර පිපිරුමක්ද සිදුවූ අතර, එහිදී මියගිය හෝ අතුරුදන්වූ සංඛ්‍යාව 18 000 කට අධිකයි.

 


නව අදහස දක්වන්න

Or log in with...