2019න් පසුව ශ්‍රී ලංකාවට ආධාර නැහැ | දිනමිණ

2019න් පසුව ශ්‍රී ලංකාවට ආධාර නැහැ

2019 වසරින් පසුව ශ්‍රී ලංකාවට ආධාර නොලැබෙන බැවින් ඒ සඳහා මුහුණ දීමට ශක්තිමත් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (08) පැවසීය.
 
ශ්‍රි ලංකාවට ආධාර ලබානොදෙන බවට  ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව දැනුම්දී ඇති බැවින් 2019 වසරේදී රටේ සංවර්ධනය වෙනුවෙන් අලුතින් සිතිය යුතුබවද අගමැතිවරයා පැවසීය.
 
යහපාලන රජය අවුරුදු දෙකක් තිස්සේ කාලය මිඩංගු කර ඇත්තේ පසුගිය රජය කළ දේවල් නිවැරදි කිරීමට බවත් අගමැතිවරයා සඳහන් කළේය.
 
ආධාර ලැබුනොත් පොතුහැර කුරුණෑගල අධිවේගී මාර්ගයත් , දකුණු අධිවේගී මාර්ගය ඉංගිරිය දක්වාත් වන කොටස් අවසන් කළ යුතු බවත් අක්කර දහසක වෙළෙඳ කළාපයක් මිල්ලෑවේ ආරම්භ කර තිබෙන බවත් අගමැතිවරයා පැවසීය.
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයෙන් පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
අනුර දිසානායක මහතා:-
පසුගිය පාලන සමය  පිළිබඳව ඉදිරිපත් කළ ප්‍රධාන චෝදනාවක් තමයි අධිවේගි මාර්ග ඉදිකිරීමේදී නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමණය නොකිරීම.ඒ හේතුවෙන් ඒජන්තවරු යෝජනා කරන සමාගම් හරහා කරන මෙවැනි ඉදිකිරීම් හේතුවෙන් විශාල පාඩුවක් සිදුවූවා යැයි කිව්වා.නමුත් දැන් සිදුකරන අධිවේගී මාර්ග කටයුතු අනුවත් පැවැති පාලනයට එල්ල කළ චෝදනා වලින් මේ රජයත් කිසිසේත් බැහැර වී නොමැති බව පේනවා.දැනුත් කිසිම ටෙන්ඩර් පටිපාටියක් නැහැ.
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  :-
මෙතැන ටෙන්ඩර් කැඳෙව්වා.මෙය ජපන් ආධාර යටතේ සිදුවන්නේ.ඒ නිසා අපට විවෘත ටෙන්ඩර් කැඳවන්න බැහැ.කැඳවිය හැක්කේ ජපන් සමාගම් වලින් පමණයි.ඒ අනුව ජපන් සමාගම් තුනක් ඉල්ලුම් කර තිබුණා.තුනෙන් දෙකක් මිල ගණන් දුන්නෙම නැහැ.අනික් සමාගම් දුන්නාට උවමනා කරුණු දුන්නෙ නැහැ.
 
2019න් පස්‍ සේ අපට සහනාධාර ලැබෙන්නෙ නැහැ.ඒකත් අපි සාකච්ඡා කරනවනම් හොඳයි.අපි කොහොමද අනාගතයේ මුදල් හොයාගන්නෙ කියලා අවධානය යොමුකළ යුතුයි.අපි අවුරුදු දෙකක් යොදවල තිබෙන්නෙ පසුගිය රජය ආරම්භ කළ දේවල් අවසන් කරන්නටයි.දැන් අපට පුළුවන් ඉදිරි කටයුතු කරන්නට.අපට තිබෙනවා.
 
(ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර ,චමීර ඇල්ලදෙණිය)
 

අදහස් 1ක් ඇත

Anura Kumara gonek. Wachala kama misak danna magulak naha.

නව අදහස දක්වන්න