සයිටම් - කමිටු වාර්තාව 11 වැනිදා ජනපතිට | දිනමිණ

සයිටම් - කමිටු වාර්තාව 11 වැනිදා ජනපතිට

සයිටම් ගැටළුව විසදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිමට පත්කළ කමිටුවේ වාර්තාව 11 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට භාරදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා පවසයි.

ඔහු සඳහන් කළේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් ඇතුළු සියලූ පාර්ශ්ව වල කරුණු ඇතුලත් වන පරිදි මෙම වාර්ථාව සකස් කර ඇති බවයි.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටළුව විසඳීම සඳහා වන කරුණු ඇතුළත් කර දින දහයක් තුළ වාර්තාවක් ලබාගැනිම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේ විශේෂ කමිටුවක් පත් කරන ලදී.

නීතිපති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංෂයේ ලේකම් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා එහි සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.


අදහස් 1ක් ඇත

Hon Minister Harsha de Silva, please do not take SAITM into the hands of the Government, let PRIVATE SECTOR DEVELOP. Follow the US policies, don't forget you are a product of the US.

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...