කාසල්රී - මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටට | දිනමිණ

කාසල්රී - මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටට

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඉකුත් දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට පැමිණ ඇතැයි වාර්තාවේ.

විදුලිබල මණ්ඩලය පැවසුවේ කාසල්රී ජලාශය අඩි හතක් හා මාවුස්සාකැලේ ජලාශය අඩි අටක් ලෙස පිටාර මට්ටමට පැමිණ ඇති බවයි.

එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග ලක්ෂපාණ, නව ලක්ෂපාණ, කැණියොන්, පොල්පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවකින් සිදු කරන බව ද විදුලිබල මණ්ඩලය පවසයි.

නව අදහස දක්වන්න