'ඉර්මා' පසුපසින් තවත් කුණාටුවක් | දිනමිණ

'ඉර්මා' පසුපසින් තවත් කුණාටුවක්

'ඉර්මා' (Irma )චණ්ඩ කුණාටුව සිය ගමන් මාර්ගයේ හමු වෙන දූපත් ජලයෙන් යට කරමින් ගොඩනැගිලි සහ මහජන ජීවිත විනාශ කරමින් පැයට කිලෝමීටර් 285 ක (සැතපුම් 180 ක් ) වේගයෙන් කැරිබියානු දූපත් ඔස්සේ හමා යමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

මෙය දශක කීපයක් ඇතුළත අත්ලාන්තික් කලාපය මුහුණ දෙන දරුණුතම හරිකේන් කුණාටුවයි.

බ්‍රහස්පහින්දා උදෑසන වනවිට කුණාටුවෙන් මරණයට පත් ජන සංඛ්‍යාව දහදෙනකු බවට වාර්තා කෙරුණි.

කුණාටුවෙන් මේ වනවිට වැඩිම හානි සිදුව ඇත්තේ 'බාර්බුඩා' සහ 'සෙන්ට් මාර්ටින්' දූපත් දෙකටයි.

එයින් 'බාර්බුඩා' 1600 ක් පමණ ජනයා ජීවත් වෙන දූපතක් වන අතර 'සින්ට් මාර්ටිනි' සහමුළින්ම මෙන් විනාශ වූ බව අලුත්ම වාර්තා මගින් පැවසෙයි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න