ශ්‍රී ලංකා-පාකිස්තාන ක්‍රිකට් පළමු ටෙස්ට් තරගය 28 දා අබුඩාබියේදී | දිනමිණ

ශ්‍රී ලංකා-පාකිස්තාන ක්‍රිකට් පළමු ටෙස්ට් තරගය 28 දා අබුඩාබියේදී

ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 5ක් සහ විස්සයි20 තරග 3කින් සමන්විත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරග සංචාරය මේ මස 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ කෙරෙන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

මේ සංචාරයේ දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගය ඔක්තෝබර් මස 6 වැනිදා ඩුබායි හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය. එය ශ්‍රී ලංකා කණ්ඩායම දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාවද වේ. සංචාරයේ අවසන් භාගයේදී දෙපිල අතර විස්සයි20 තරගාවලියේ අවසන් තරගය ලාහෝරයේ පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර තිබේ. කෙසේවෙතත් ඒ තරගය ලාහෝර් නුවර පැවත්වෙන්නේ එහි ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුවය.

තරග කාල සටහන මෙසේය.

පළමු ටෙස්ට් තරගය - සැප්. 28 සිට ඔක්.2 දක්වා (අබුඩාබි)

දෙවැනි ටෙස්ට් තරගය - ඔක්.6 සිට 10 දක්වා (ඩුබායි)

පළමු එක්දින තරගය - ඔක්.13 (ඩුබායි)

දෙවැනි එක්දින තරගය - ඔක්.16 (අබුඩාබි)

තුන්වැනි එක්දින තරගය - ඔක්. 18 (අබුඩාබි)

සිවුවැනි එක්දින තරගය - ඔක්.20 (සාජා)

පස්වැනි එක්දින තරගය - ඔක්.23 (සාජා)

පළමු විස්සයි20 තරගය - ඔක්.26 (අබුඩාබි)

දෙවැනි විස්සයි20 තරගය - ඔක්.27 (අබුඩාබි)

තුන්වැනි විස්සයි20 තරගය - ඔක්.29 (ලාහෝර්)

(ආරක්ෂක තත්ත්වය අනුව)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...