ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගයෙන් හේමන්තට රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කමක් | දිනමිණ

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගයෙන් හේමන්තට රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කමක්

බෘනායි ධරුසලාම් නගරයේදී පැවති ප්‍රවීණයන්ගේ මලල ක්‍රිඩා තරගාවලියේදී මීටර් 100x4 සහාය දිවීම මීටර් 100 මිටර් 200 සහ තුන් පිම්ම යන තරග ඉසව් තුනෙන්ම රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්

ආයතනයේ විමර්ශන අංශයේ සේවය කරන හේමන්ත විජිත දහනායක මහතා සමත් විය. වයස අවුරුදු 54 ත් 59 ත් අතර වයස් සීමාවල තරගකරුවන් මෙම තරගාවලියේදී තරග කළ අතර රටවල් එකොළහක සහ දූපත් තුනක තරගකරුවන් ඒ අතර විය. පෙට්‍රෝලියම් ආයතනයට අත්කර දුන් කීර්තිය වෙනුවෙන් සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා විසින් හේමන්ත දහනායක මහතාට සුබපතනු ලැබූ අයුරු.

රවිදු ලසිත දීයගහගේ අහංගම සමුහ
ඡායාරුප- අහංගම සමුහ 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...