ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ජල බවුසර් සහිත ට්‍රැක්ටර් දහසක් බෙදා දෙයි | දිනමිණ

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ජල බවුසර් සහිත ට්‍රැක්ටර් දහසක් බෙදා දෙයි

ස්වභාවික විපත් නිසා රජය දැඩි අපහසුතාවට ලක්වෙනවා. හම්බන්තොට එක් පැත්තකට ජලය බිංදුවක්වත් නැතුව මිනිසුන් දුක් විඳිද්දි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් පැත්තකට මහා ගංවතුර නිසා ජනතාව අපදාවන්ට ලක් වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වයත් ඒ වගේමයි. ගම්පහ එක් කොටසකට දැඩි නියඟය ඒ අයට ජලය බෙදන අතර ගංවතුර නිසා විපතට පත් වූ ජනතාවටත් සහන සලසන්න සිදුවෙලා යැයි ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බැව් පැවැසුවේ පසුගියදා නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ජල බවුසර් සහිත ට්‍රැක්ටර් රථ බේදා දීමේ අවස්ථාවට එක්වෙමිනි. ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ලබාදුන් ජල බවුසර් සහිත ට්‍රැක්ටර් 1000ක් අදියර 4 කට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් මෙලෙස නියඟයට ලක් වූ දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රදානය කෙරිණි.

ඇමැතිවරයා මෙසේද කීය.

රටේ සංවර්ධනයට ස්වභාවික විපත් විශාල බාධාවක් වෙනවා. එහෙත් ඒක කෙසේ වත් අපිට වළක්වාගන්න බැහැ. එවන් විපත් අවස්ථාවලදී අපිට කරන්නට ඇත්තේ ජනතාවගේ ජීවිත බේරාගැනීම හා ඔවුන්ට එම අපදාවෙන් මුදවා ගැනීමයි. එවන් අවස්ථාවලදි ජනතාවට පිහිටවීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කළුතර අතිරේක
ඡායාරූප - කළුතර අතිරේක 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...