වසර 2016 මැයි මාසයේ හට ගත් ගංවතුරින් විපතට පත් ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ට හා තේ කර්මාන්ත ශාලා හිමියන්ට දිරියෙන් නැගී සිටීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව “වැවිලි සවියට - තවත් සවියක්” මැයෙන් මුදල් ආධාර ලබාදීමේ වැඩසටහනක් පෙරේදා (09) ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.
එහිදී රුපියල් ලක්ෂ 3360 මූල්‍යාධාර ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන්ට හා තේ කර්මාන්තශාලා හිමියන්ට ලබාදෙන ලදී. අගමැතිවරයා අතින් එක් කුඩා තේ වතු හිමිකරුවකු තම චෙක්පත ලබාගන්නා අයුරුයි මේ.
අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුද ඡායාරූපයේ වෙති. මේ අවස්ථාවට දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාද එක්ව සිටියේය.
ඡායාරූපය - ගාල්ල ඡායාරූප
නව අදහස දක්වන්න