කොටින්ගේ පොළොව යට ඉන්ධන ටැංකියක් කිලිනොච්චියේ | දිනමිණ

කොටින්ගේ පොළොව යට ඉන්ධන ටැංකියක් කිලිනොච්චියේ

කොටි සංවිධානය ඉන්ධන ගබඩා කිරීමට යොදාගත් පොළොව යට සඟවා තිබූ පැරැණි තෙල් ටැංකියක් කිලිනොච්චිය කල්මඩු නගර් ප්‍රදේශයේදී පසුගිය 08 දින දහවල් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව පොළොව හාරා මෙම විශාල ප්‍රමාණයේ ටැංකිය ගොඩගත් බවද පවසන පොලිසිය මෙය කොටි සංවිධානය ඉන්ධන ගබඩාවක් ලෙස දිගු කලක සිට භාවිතා කරන ලද්දක් බවද විශ්වාසය පළ කරයි.

මෙම ටැංකියේ ඉන්ධන ලීටර් 30,000 ක් පමණ ගබඩා කිරීමේ හැකියාව ඇතැයි පවසන පොලිසිය මෙම ස්ථානයේ වෙනත් පුපුරන ද්‍රව්‍ය ඇත්දැයි පරික්ෂාවට බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරින් යොදවා පරික්ෂණ සිදුකරන බවද සඳහන් කරයි. කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.

වවුනියාව උතුර සමූහ 

නව අදහස දක්වන්න