එජාපය ශක්තිමත් කිරීමේ ගමන් මඟ අත්හරින්න එපා | දිනමිණ

එජාපය ශක්තිමත් කිරීමේ ගමන් මඟ අත්හරින්න එපා

ඇල්ලේ ගුණවංශ හිමි රවී කරුණානායකට කියයි

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ ගමන් මඟ අත් නොහරින ලෙසත් රවී කරුනානායක මහතා වැනි නායකයින් රටට අත්‍යවශ්‍ය බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ අවධාරනය කරති.

එක්සත් ජාතික පක්ෂ උපනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹ 7 ධර්මාරාමයට පැමිණ උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී ගුණවංශ හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

ඔබට සිදු වු තත්ත්වය ගැන මම බොහොම කණගාටු වුණා. ඒ වේලාවෙ දී උපදේශකයක් දෙන්නත් කල්පනා කළා. සරත් ෆොන්සේකා ඇමැතිවරයා තමා සම්බන්ධයෙන් කරන ප්‍රකාශ පිළිබඳ කනගාටු වෙනවා. ආණ්ඩුවේ මෙවැනි ඇමැතිවරුන් හමුවේ අපකීර්තියට පත්වනවා යැයි ද උන් වහන්සේ පැවසූහ.

ඇතැම් දේශපාලනඥයින් රවී කරුණානායක මහතාගේ නයකත්වය හමුවේ භීතියෙන් සිටින බවත් එවැනි කුනාටුවලට බිය නොවිය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. තමා එදා සිට රට සහ රටේ ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පෙනී සිටි බවත් එය කුමන දේශපාලන වාතාවරණයක් තුළ දී උවද හදුනා ගතහැකි වන අතර රට ඉතා පිරිහෙමින් පවතින බවද ප්‍රකාශ කළහ.

ඒ ගැන කණගාටු වෙනවා. ජාතික සම්පත් විකුණන එකට මම විරුද්ධයි. රට වෙන්දේසියේ දමන්න දෙන්න බැහැ. ඊළඟ මැතිවරණයක දී ඒ ගැන හඩක් නගනවා. යැයිද ඇල්ලේ ගුණවංශ හිමියෝ අවධාරණය කළහ.

මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියේ සම්මුතිවාදී ආණ්ඩුව සමාජයේ ඕනෑම ගැටලුවකට ඇහුම්කන් දීමට සූදානම් බවයි.

සරත් ෆොන්සේකා ඇමැතිවරයා යම් අදහසක් ප්‍රකාශ කිරීම තුළින් ගැටලුවක් පැනනැගී ඇත්නම් ඒ ගැන කතාබහ කර විසදා ගැනීමට මිසක් මේක තවදුර ගෙන ගොස් අවුලක් ඇති කරන එක මේ මොහොතේ නොකළයුතු බවද දීර්ඝ කලයක් පුරා තමා දන්න ගුණවංශ හිමියන්ප අපි හැමෝම දන්නා පරිදි රට ගැන ඉතා ඕනෑ කමින් ක්‍රියාකරන හිමිනමක් යැයිද රවී කරුණානායක මහතා කීය. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...