අනුරාධපුර රෝහලේ රෝගියෙකු දිවි තොරකර ගනී | දිනමිණ

අනුරාධපුර රෝහලේ රෝගියෙකු දිවි තොරකර ගනී

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිව්මහල් ගොඩනැගිල්ලේ හැටහය(66) වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තිදරු පියෙකු අද(11)දින අළුයම සිව්මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන සිය දිවි හානි කර ගෙන තිබේ.

අළුයම 4.50ට පමණ මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇතැයි අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ සිය දිවි තොර කොට ගෙන ඇත්තේ අනුරාධපුර මිහිදුපුර පදංචිව සිටි කේ.ඒ.ඩබ්.ප්‍රනාන්දු(57)නැමැති තිදරැ පියෙකි.

මෙම පුද්ගලයා පසුගිය නව වැනිදා බඩේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්වි ඇති බව පොලිසිය කියයි.

මොහු සියදිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණයවි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අනුරාධපුර පොලිසිය සිදු කරයි.

නව අදහස දක්වන්න