මී වදයක් බැඳී ලොරියක් රට පුරා ගමන් යයි | දිනමිණ

මී වදයක් බැඳී ලොරියක් රට පුරා ගමන් යයි

එළවළු සහ පලතුරු ප්‍රවාහනය කරන ජීප් රථයක පිටුපස මී වදයක් බැඳ තිබෙන බවත් මෙම මී වදයක් සමග ජීප් රථය එළවළු පළතුරු රටපුරා ප්‍රවාහනය කරන අතරතුරදී ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අපට හමුවිය.
ගල්කිරියාගම කෝරලයාගම පදිංචි ලයනල් බණ්ඩාර මහතාගේ ජීප් රථයේ පිටුපස අමතර රෝදය සවිකර ඇති යකඩ බටයේ මෙම මීය බැඳ තිබේ.
දඬුවෙල්ලෑ ව නමින් මෙම මී වදය හඳුන්වන බව ඔහු පැවසීය.
මීට මාස තුනකට පෙර තම නිවසේ නවතා තිබියදී මේ මීය බැඳ තිබූ බව එදා සිට මේ දක්වාම මෙම මී මැස්සන්ගෙන් තමන්ටත් තමන්ගෙන් මී මැස්සන්ට අත් කිසිදු හිරිහැරයක් නොවේ පවතින බව ලයනල් බණ්ඩාර මහතා පැවසීය.
 
ඔහු දී වයිනේ විවිධ ප්‍රදේශවල මෙම රථයෙන් එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීම රැකියාව හැටියට සිදුකරන අතර ලොකු ළූණු පටවාගෙන ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බවද පැවසීය.
මෙම මී මැස්සන් තමන්ට අතපත ගෑමට පවා හැකි බවත් මේ වෙනකන් ඔවුන්ගෙන් තමන්ට කිසිදු කරදරයක් නොවූ බව කියයි.
 ආර්ථික මධ්යස්ථානය නිරන්තරයෙන්ම කලබලකාරී මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානයකි.
එහෙත් මෙම වාහනය බැඳ ඇති මී මැස්සන් මේ කිසිදු කලබලකාරී තත්ත්වයකට කලබල නොවී තැන්පත්ව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.
මීට පෙර අවස්ථා කිහිපයක නවතා තිබූ ලොරි රථවල මී මැස්සන් වඳ තිබෙන අයුරු වාර්තා වී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ ධාවනය වෙමින් පවතින ලොරි රථයක මෙම මී මැස්සන් බැද තිබීමයි.

නව අදහස දක්වන්න