''වැවක් සමග ගමක්'' 50වන පියවර | දිනමිණ

''වැවක් සමග ගමක්'' 50වන පියවර

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රීයාවට නංවා තිඛෙන ,වැවක් සමග ගමක්, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ 50 වන වැඩසටහන පොළොන්නරුව, කවුඩුල්ල, මිරිස්හේන ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්විණි. 
 
කවුඩුල්ල මිරිස්හේන ග්‍රාමීය සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර ප්‍රදේශයේ ධීවර ජනතාවට නිවාස ආධාර ලබාදීම, ධීවර ආම්පන්න ප්‍රදානය සහ ධීවර කර්මාන්තය වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
 
මෙම අවස්ථාවේ කුඩා දැරියක් ජනාධිපතිතුමා අසළට පැමිණ ජනාධිපතිතුමා හට සිය සෙනෙහස පෑ අයුරු සියල්ලන්ගේ අවධානය දිනාගත් සුවිශේෂ සිද්ධියක් විය.
 
අමාත්‍ය මහින්ද අමරවීර, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න

Or log in with...