කුරුණෑගල වැව රවුමේ පරිසර හානියක් | දිනමිණ

කුරුණෑගල වැව රවුමේ පරිසර හානියක්

කුරුණෑගල වැව රවුම පරිසර කලාපයට හා ශාරීරික සුවතා මංතීරුව ඇති කලාපයේ නාගරික සංවර්ධන අධිකාරිය අවිධිමත් ලෙස ව්‍යාපාර ස්ථාන ඉදිකිරීමට (දිවා රාත්‍රී බයිට් කඩ) විරෝධය දක්වමින් කුරුණෑගල වැව රවුම ඇවිදින මංතීරු භාවිතා කරන පරිසර හිතකාමී ශරීර සුවතාවයේ යෙදෙන පිරිස්, වැව රවුමේ පදිංචිකරුවන්, රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික සේවකයින් විසින් විරෝධය දක්වමින් ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන් ඇතුළු වයඹ පළාතේ ආණ්ඩුකාරතුමිය ඇතුළු පළාත් ප්‍රධාන අමාත්‍යතුමා වෙත ලිපියක් යවමින් එය නවතාලන ලෙස ඉල්ලා සිටී. 

මෙම අලංකාර ස්වභාවික ගස්කොළන්වලින් පිරි පරිසර පද්ධතිය තුළ මත්පැන්, බීම හල්, කැළිකසල බැහැර කිරීම් ඇතුළු සමාජ විරෝධි ක්‍රියාවල මෙමගින් යෙදීමට ඇති ඉඩකඩ බොහෝ ඇතිවිය හැකි බවත්, පරිසරය මෙන්ම වැව් ජලය ද දූෂණය වීමට හේතුවක් වනු ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත. නගරයේ වෙසෙන අවිනීත පුද්ගලයන් යෝජිත ව්‍යාපාර ස්ථානවල රැදී සිටිමින් නොහිබිනා ආකාරයෙන් කටයුතු කිරීමට ඇති ප්‍රවණතාවයත්, එම ශාරීරික ව්‍යායාම කරන මංතීරුවල වාහන හා ත්‍රීවීල් හරස් කොට නවතා මත්ඇපැන් බී විනෝදවන අවස්ථාවලදී ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවද පෙන්වා දී ඇත. 
 
දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වීම හා සමාජ අපචාරවලට ගොදුරුවීම නොවැලැක්විය හැකි බව ද පෙන්වා දී ඇත. මෙම අමනෝඥ තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්විමට කටයුතු යොදන ලෙස ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන්ව, වයඹ පළාත්ම සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
 
(ගුණරත්න ලියනආරච්චි - කුරුණෑගල දිස්ත්‍රික් සංචාරක)

නව අදහස දක්වන්න