නයින් වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ අයි.වී.එෆ්. ප්‍රතිකාර සියයට 60කට වඩා සාර්ථකයි | දිනමිණ

නයින් වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ අයි.වී.එෆ්. ප්‍රතිකාර සියයට 60කට වඩා සාර්ථකයි

නයින් වෙල්ස් රෝහල මඟින් පවත්වා ගෙන යන නයින් වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව අයි.වී.එෆ්. ප්‍රතිකාර සඳහා 40% කට ඉහළ සාර්ථකත්වයක් වාර්තා කර ඇත. එම ප්‍රතිශතයද අබිබවමින් ජූලි මාසයේදී 60% ක ඉහළ සාර්ථකත්ව අනුපාතයක් වාර්තා කිරීමට නයින් වෙල්ස් රෝහලේ සාඵ්‍යතා මධ්‍යස්ථානය සමත්ව ඇත.

මේ ඉහළ සාර්ථත්වය පිළිබඳව අදහස් දක්වමින් නයින් වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරී තරංග වීරසූරිය මහතා පැවසුවේ “අයි.වී.එෆ්. ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙරට වාර්තා වී ඇති ඉහළම සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට හැකි වීම අපි ලැබූ විශාල ජයග්‍රහණයක්.

අයි.වී.එෆ්. ප්‍රතිකාර පිළිබඳව ජාත්‍යන්තරව පිළිගත් අනුපාතය වන්නේ 40% ක්. නයින් වෙල්ස් සාඵ්‍යතා මධ්‍යස්ථානය පසුගිය කාලවකවානුවේ සමස්තයක් වශයෙන් 40% ක සාර්ථකත්වයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. නමුත් අපේ කාර්ය මණ්ඩලයේ විශේෂ කැපවීම හා දක්ෂතාවයත්, නවීන තාක්ෂණික ක්‍රමවේදත් නිසා පසුගිය මාස කිහිපය තුළ අපිට ජාත්‍යන්තර සම්මත අනුපාතය අබිබවා ගිය විශාල සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට හැකි වුණා”

“සායනික වෛද්‍යවරුන්ගේ සිට කළලවේදීන් හා හෙද සොහොයුරියන් දක්වා නයින් වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ සේවය කරන සියලු දෙනා කැප වීමෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන දක්ෂ වෘත්තිකයින් පිරිසක්. ප්‍රතිකාර සාර්ථක කරගැනීමටත් ඊට අවශ්‍ය පරිසරය නිසියාකාරව පවත්වා ගැනීමටත් උපරිම අයුරින් වෙහෙසෙනවා” යැයි ද ඒ මහතා පැවසීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...