තාරුණ්‍යය රැවටිල්ල, මායාව හා මුළාව | දිනමිණ

තාරුණ්‍යය රැවටිල්ල, මායාව හා මුළාව

ජීවිතයේ හැබෑ ස්වභාවය, ඒ අයුරින්ම දකින්න පොදුවේ බොහෝ අය කැමති නෑ. ඒ වෙනුවට මේ අයට ඕන කරන්නේ තමන් විසින් තමන්ම නලව ගන්න. ඒකට එයාලා පාවිච්චි කරන්නෙ සූකිරි කඳුවලින් ගලා එන මී පැණි ගංගා සහිත සුමිහිරි සිහින. ඒ කියන්නෙ, මොවුන්ගේ හිතෙන් මවා ගන්නා සුරපුරයේ පවතින්නෙ යථාව හෙවත් හරය නෙවෙයි. එහි හෙවණැලි විතරයි.

මිනිසත් බවෙහි නියම ස්වභාවය පිළිබඳ පමණක් අපි අපේ සැලකිල්ල යොමු කරනව නම්, ජීවිතයේ අතෘප්තිකර සිද්ධාන්තයට විතරයි පවතින්න පුළුවන්. සාමාන්‍යයෙන් සලකා බලන කල ඇත්තටම එය ප්‍රමාණවත්. සාමාන්‍ය මිනිස් ජීවිතයකටත් ඒ න්‍යාය හොඳටම ඇති. මොකද මේ තුළ පවතින්නෙ සාමාන්‍ය තත්ත්වයන් හා සාමාන්‍ය තේරුම් ගැනීම් විතරයි. හැබැයි ජීවිතයේ මේ ස්වභාවය ගැන නිවී සැනසිල්ලෙ විශ්වාසයෙන් යුතුව තරමක් විමසිලිමත්වීම වැදගත්.

මිනිසා නම් ජීවියාගේ පැවැත්ම තුළ ගොනුවී ඇත්තේ මොනවාද? සිය වසරක් කාලයක් ඔහු මහන්සි ගත්තෙ තමන් ගේ දිවි පෙවත නඩත්තු කිරීම සඳහා අත්‍යවශ්‍ය ජීවන වෘත්තිය (අය මාර්ගය) සකසා ගැනීමට. ඊළඟ සියවස් කාල ගතවෙන්නෙ, මුල් කා‍ෙලට කරපු කැප කිරීම වෙනුවෙන් ප්‍රතිලාභ එකතු කර ගැනීම සඳහා නිරන්තර කාංසාමය අරගලයක යෙදීමට . හැබැයි ඔහු මියැදෙන්නෙ තමන් මෙතෙක් කල් ජීවත් වුණේ කුමන හේතුවටදැයි නොදැන.

සියවසකින් කාලක්. ඒ කියන්නෙ අවුරුදු විසි පහක් මොන තරම් දුක් වැලපීම්ද? මොනතරම් හිත් කලබලකරගැනීම්ද? ‍මොන තරම් බලාපොරොත්තු කන්දරාවක් ගරා වැටීමට ලක්වීම්ද? මෙච්චර පුංචි කාලයක් ගෙවුණේ මේ ලැයිස්තුවම අලුත් වේවි නෙවෙයිද?

එසැණ නැසෙන හා ඉතාමත් කෙටිම කෙටි කාලීන තාරුණ්‍යයට අයත් රැවටිල්ල, මුලාව හා මායාවන් විසින් ජීවන දෙවැට පාමුලින් අහුලා ගන්නා ලද මල් කීපයක් ඉතා ඉක්මනින්ම පරවී යනවා. පුද්ගලික හිත් අවුල්, පවුලේ අ‍ඳෝනා, ඉමක් කොනක් නොපෙනෙන වැඩ කිරීම්, වැඩ කිරීම් හා වැඩ කිරීම්...

පරමාදර්ශී, උත්කෘෂ්ඨ, පරිපූර්ණ පරමාදර්ශවලට බැඳීම් ඇති කර ගත්තත් ඒවත් අවසානයේ කැරකෙන්නේ අන්තිම සවුත්තුවට. සතුට කියන මොන දේ හෙව්වත් එය අත්තිවාරමේ ඉඳලම දුර්වල වෙනව.

මානවීය ස්වභාවය අනුව සතුට සෙව්වත් එය වසක් විසක් බවට පත් වෙනව.

මරණය නොවැළැක්විය හේතුවක් වුවත් නැවත ජීවනය ලබන විදි ගැන ක්‍රම දිනපතාම හොයන්න පෙළඹෙනවා.

මිනිසත්කමේ හැම වංගුවකදීම හා කඳු පල්ලමකදීම සතුටේ ඇබිති සුළං රැළි ගත දැවටුණත් මිනිසා දන ගස්සන මේ කෙඳිරුම ඔහුගෙ කනට ඇහෙනවා.

‘යකෝ උඹ මැරෙනව’

මෙතෙක් අප කියවුයේ විවෘත මනසක් සහිතව ජීවිතය ගැන කල්පනා කළ ගුස්ටාව් ගෙලීගේ හිතුවිල්ලකටය. දැන් හිත් යොමු කරමු භාරත දර්ශනයෙන් මිනිස් ජීවිතය විමසු රාධාක්‍රිෂ්ණන්ට

අතිශය දක්ෂ දන්දමින් අපේ සමාජ සංවිධානය සැලසුම් මගින් මානව සබඳතා සමඟ අනුගත වීමට අපට පුළුවන් ක්‍රමයක් තියෙනවා. එසේ වුවත් මානව විඳවීම්වලින් පලා යන්න අපට සැලසුමක් හෝ සංවිධානයක් නැහැ. ඉන්දියානු ජීවිතයේ අ‍ඬෝ ඇඬියාවලින් මිදීමට ක්ෂණික වාසානාවක් කලාතුරකින් ඇති වුවත් මරණයෙන් පලායන්න නම් විදිහක් නෑ. අපේ මුළු මහත් ශාරීරික ජීවිත පැවැත්ම සැකසී තියෙන්නෙ කැඩී - බිඳී විසිරීයාමට සූදානම්ව ලෝකයේ සදාතනික පදිංචිකරුවා මරණයයි.

අප කෙතරම් සුසුම් සහිත හීල්ලීම් කළත් ස්වභාදහම් පද්ධතියෙන් සරණ සඳහා අපට දයානුකම්පාවක් නම් ලැබෙන්නෙ නෑ. අපගේ සීමා විරහිත ප්‍රාර්ථනා ආශාවන් අධික වෙහෙසට හා ප්‍රකම්පනයට පත් කරමින් අපව දූවිල්ලට යවන්නේ අපේ මෘදු පරමාදර්ශ සමච්චලයට ලක් කරමින්.

ආචාර්ය කේ. ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ Why worry ග්‍රන්ථයෙන්

 

ලබන සතියේ ‘තමා’ යනු වෙනස් නොවන දෙයක්ද?

සිංහල කළේ - සමුනි සමරකෝන්


නව අදහස දක්වන්න

Or log in with...