සීඩී තැටියෙන් අලංකාර නිර්මාණයක් | දිනමිණ

සීඩී තැටියෙන් අලංකාර නිර්මාණයක්

ඉවතලන සීඩී තැටිවලින් විවිධ නිර්මාණ කරන එක, වර්තමානය වනවිට ජනප්‍රිය වෙලා. ඒ වගේ නිර්මාණයක් කිරීමෙන් ඒක පරිසරයටත්, මුදල් පසුම්බියටත් හොඳයි. තමන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කර ගැනීමටත් රුකුලක්. සීඩී තැටියේ කැබැලිවලින් නිවෙසේ භාණ්ඩ අලංකාරවත් කරන්න පුළුවන්. මේ ක්‍රමය යොදාගෙන ආභරණ පෙට්ටි, තේ බන්දේසි, තැටි, පින්තූර රාමු, කණ්ණාඩි රාමු, බිත්ති ඔර්ලෝසු, බිත්ති රූප, මල් බඳුන්, මේස මතුපිට වගේ ඕනෑම භාණ්ඩයක් හෝ තැනක් අලංකාරවත් කළ හැකියි.

මේ සඳහා පළමුවෙන් ම සීඩී තැටි ටිකක් එකතු කර ගන්න අවශ්‍යයි. ඒවා විවිධ හැඩයට කපා වෙන් කර ගැනීම ඊළඟ පියවරයි. ඊට පස්සේ හොඳින් ඇලවෙන ගම් වර්ගයක් තෝරා ගන්න අවශ්‍ය වෙනවා.

දැන් තමන් අලංකරණය කරන්න යන භාණ්ඩය අරගෙන, සීඩී කැබැලි හොඳින් අලවා ගත යුතුයි. මෙය ඉතා ප්‍රවේශමෙන් කළ යුතුයි. කැබැලි අතර ඉඩක් තබා, ඉබි කටුවක මතුපිට හැඩයට අලවා ගන්නවා නම්, ඒ කැබැලි අතර ඉතිරි වන හැඩැස්වලට වර්ණ යොදා ගන්න පුළුවන්. නැතිනම් ග්ලිටර්, ගම් වගේ දෙයක් යොදලා ඒ දාර පුරවා ගත හැකියි. දැන් ඔබ ඉදිරියේ තිබෙන නිර්මාණය සීඩී තැටියකින් කළ නිර්මාණයක් කියලා හොයන්නවත් බෑ නේද?

චින්තා රණසිංහ 

නව අදහස දක්වන්න