කප්පල්තුරෙ රක්ෂිතයේ පෞරාණික ස්ථානයකට හානි කළ 5ක් අත්අඩංගුවට | දිනමිණ

කප්පල්තුරෙ රක්ෂිතයේ පෞරාණික ස්ථානයකට හානි කළ 5ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද

කප්පල්තුරෙ පිහිටි ත්‍රිකුණාමලය වරාය අධිකාරියට අයත් රක්ෂිතයට ඇතුළුවී වන විනාශයක් කරමින් පෞරාණික ස්ථානයකට හානි කළ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ සර්ධාපුර කඳවුරේ නිලධාරින් එම සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා චීනවරාය පොලිසිය වෙත භාරදෙනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදි පවසා ඇත්තේ වගාකිරීම සඳහා රක්ෂිතය එළි පෙහෙළි කළ බවය.

රාත්‍රි කාලයේ බෝට්ටුවලින් කළපුව තරණය කරමින් පැමිණි මෙම පිරිස් රක්ෂිතය විනාශ කරන බවට ලද තොරතුරු අනුව විශේෂ කාර්ය බළකාය මෙම වැටලිම සිදුකර තිබුණි .සිද්ධිය සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි. 

 

නව අදහස දක්වන්න